(අංජුල මහික වීරරත්න)
යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
ඒ අනුව මෙම වැඩපිළිවෙළ මෙම ජනවාරි මාසය ඇතුලත ආරම්භ කරන බවත්, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාලේ ඩොලර්වලින් ටිකක් අරන් මුහුද ලඟ වැසිකිලියක් හදන්න . ලැජ්ජයි පදුරු වලට මුත්‍රා කරන්නෙ..
පහසුකම් දෙන්න...
කියුබාවේ වගේ තව ටික දවසකින්ම අපිට පාන් ගෙඩියක්, පොල් ගෙඩියක් කඩෙන් ගන්නත් ඩොලර් දෙන්න වෙනවා සිකුරුයි .
එතකොට සල්ලි ගෙව්වේ ඩොලර් වලින්ද රුපියල් වලින්ද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවද? නැත්නම් කවුන්ටරේ එක්කෙනා ඩොලර් මාටියා ගහයි.
යාලේ පමණක් නොවේ... අනුරාධපුර, සීගිරිය වැනි වැඩිපුර සංචාරකයින් සරිසරන පූජනීය සහ රටේ සුන්දර ස්ථාන අසලත් විදේශිකයින්ට තරමක් හෝ සරිලන සේ වැසිකිලි හැදීම ඉතාම වැදගත්... ඇතුල් වීමට නැරඹීමට අයකරනා මුදලට සාපේක්ෂකව... ඔව් මාටියා ගහන්න බොහෝ දුරට ඉඩ තියෙනවා...
මුදල් හම්බකරනවා විතරයි. එතරම් මුදල් කන්දරාවක් වියදම් කරන මිනිස්සුන්ට අවශ්‍ය අවම පහසුකමක්වත් සපයන්න වුවමනාවක් නැහැ. යාලත් එකයි අනිත් හැම තැනත් එකයි. පෝලිම් වල කාලේ කන්නේ නැතුව ඉක්මනින් වන උයන්වලට ඇතුල් වෙන්න හැකිවෙන ආකාරයේ කාර්යක්ෂම ක්‍රමවේදයක්, සංචාරකයින් ගසාකමින් වන උයන්වල නීති රීති තුට්ටුවකට ගණන් ගන්නේ නැති අවිධිමත් හැබිචෝල් ජීප් රියදුරන් මේච්චල් කරන්න ක්‍රමයක්, හදිසියකට පාවිච්චි කරන්න පිරිසිදු වැසිකිලියක්, ඉල්ලන ගාණක් ගෙවලා නවාතැන් ගන්න සැපපහසු බංගලාවක්, වතුර උගුරක් බොන්න සුදුසු තැනක් ආහාර වේලක් ගන්න සුදුසු තැනක් සුදානම් කර දුන්නොත් නරකද? මේවා බාර මිනිස්සු අනන්තවත් අප්‍රිකාවේ රටවල වන උයන් බලන්න නම් රස්තියාදුවේ යනවා. ඒ ගමන් වලින් සැප ගත්තා මිස ඉගෙන ගත්තු දෙයක් නැහැ...