(නිමන්ති රණසිංහ)
දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් නීතිවිරෝධී අයුරින් වකුගඩු ලබාගෙන ඡාවාරමක් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙරටින් පලාගොස් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් හදුනාගෙන ඇති මොහු ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා මෙරටින් පලාගොස් ඇති බවට ගුවන් තොටුපල තොරතුරු හෙළිකර ඇති බවත්, ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම වකුගඩු ජාවාරම බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහල තුළදීම සිදුව ඇත්තේ මුදල් මූලික කරගනිමින් බවට හදුනාගෙන ඇති බවත්, එම රෝහලේ සේවකයන් තිදෙනකු මෙහි සැකකරුවන් වශයෙන් හදුනාගෙන ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ඇතුලු තවත් සැකකරුවන් පස් දෙනකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ සැකකරු සාක්ෂිකරුවන් සිව් දෙනකු විසින් හදුනාගනු ලැබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සාමාන්‍යයෙන් සැකකරුවා ලංකාවේදී අල්ලන්නේ නැතුව පිටරටදී අල්ලලා ලංකාවට ගේන්න තමයි කැමති
වසන්ත වගේ දරුණු අපරාධයක් කරලා නැහැනේ... ඔහේ ගියාවේ... කවදා හරි දවසක අහුවුණොත් මොකක් හරි කරන්න බැරියෑ...
ආණ්ඩුව ඡන්දයට සූදානම් වෙනවා. එකට පිට්ටනිය හදන්නේ ජාතිවාදී නාලිකාවක්... ලංකාවේ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක පමණක් නොවේ මෙම වකුගඩු සැත්කම් කරන්නේ. තවත් රෝහල්වල මෙම සැත්කම් කරනවා. නමුත් එම බොරැල්ල පෞද්ගලික රෝහල අයිති මුස්ලිම් ජාතිකයකුට. ඒ අය දන්නේ ජාතිවාදය අවුස්සලා හෝ දූෂිත පාලනයක් බලයට ගෙනැල්ලා රට තවතවත් බංකොළොත් කරන්න. එදා ඡන්දයේදී වෛද්‍ය සාෆිට කරපු එක තමයි, අද මෙම බොරැල්ල රෝහල ඉලක්ක කරගෙන කරන්නේත්... අවසානයේ වෛද්‍ය සාෆිට සියලු වැටුප් සහ දීමනා ගෙවන්න වුණා... තවද වඳ සැත්කම් කළැයි කියන අම්මලාටත් දරුවනුත් ලැබුණා. නමුත් ජාතීන් අතර වපුරපු ක්‍රෝධය තවම ලිහන්න බැරි වුණා.
ඔය නාලිකා 02ක හැමදාම කලේ ජතිවාදය අවුස්සන එක කාලයක් ඔය රෝහලේ සහරාන් ගෙ ඇස්වලට වෙදකම් කලා කිව්ව ඊට් ප්ස්සෙ වෘෂණ කොෂ බද්ධකලා කිව හැමදාම් චන්ඩයක් ලං වුනාමම මොකක් හරි දෙයක් ගේනව