(යොහාන් භාසුර)
සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගැනීම නිසා ඉන්ධන ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක නිෂ්පාදන බද්ද මෙම නව බදු ඉහළ දැමීමත් සමඟ රුපියල් 52 ක් බවට පත්ව ඇති බවත් වෙනත් පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක බද්ද රුපියල් 52 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සාමාන්‍ය ඩීසල් ලීටරයකට පැවැති රුපියල් 6 ක නිෂ්පාදන බද්ද රුපියල් 31 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 13 ක බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් ඊට අමතරව සෙසු සියලුම ඉන්ධන වර්ග සඳහා පැවැති රුපියල් 13 ක නිෂ්පදාන බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්රෝල් පිටරට හදපුවහම නිෂ්පාදන බද්දක් කොහොමද? ප්‍රමාද කරලා ප්‍රමාද ගාස්තු ගෙවන්නේ උඹේ තාත්තද . කාංචන උඹ පලයන්.
මේ අය ලංතාව සමග සෙල්ලම් කරනවද නැතිනම් ජනතාව ගොනාට අන්දනවද? ඊයේ එහෙම ඉන්ධන වල මිල රුපියල් 10 කින් පමණ පහළට දමා බස් ගාස්තු අඩු කරන්න කිව්වා. අද ඉන්ධන රුපියල 25 කින් ඉහළ දමලා.
නිශ්පාදන බද්ද? පට්‍රොල් ලංකාවෙ හදනවද ? එක එක විකාර කරල අපිව ආයෙ කොලඹ ගෙන්වගන්න එපා , මෙපාර ආවොත් එන්නෙ දෙකෙන් එකක්බෙර ගන්න , මිනිස්සුන්ගෙ ඉවසිමෙත් සීමාවක් තිබෙනව.
ඇයි යකුනේ තොපි ඉන්ධන ගොඩබාන වෙලාවෙත් රේගු බදු ගහනවා නේද. ලංකාවෙ නිෂ්පාදනය නොකර මොන නිෂ්පාදන බද්දක්ද.එහෙනම් ගොඩබෑමේ බද්ද ,ගබඩා කිරීමේ බද්ද ,බෙදාහැරීම සදහා බද්ද, ප්‍රවාහන බද්ද, මිලට ගැනීමේ බද්ද ,පාවිච්චියට ගැනීමේ බද්ද කියලා සුද්දා බල්ලන්ට බදු ගැහුවා වගේ බදු පනවපල්ලා. මොකද තීරණ ගන්න එවුන්ට ජනතා මුදලින් ලැබෙන නිසා. මිනිසුන්ට තියෙන අමාරුකම් තේරුම් ගන්න බැහැ
සතුට ඉහ වහා යනවා
කලින් හොරාකාල රටේ ආර්ථිකය වට්ටපු උන්ගේ පව් අප මත පටවන්න එපා!
මේ පාලකයන් රටට කරන අපරාධයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... තොලොංචි වෙලා යන්න...