(යොහාන් භාසුර)
සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගැනීම නිසා ඉන්ධන ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක නිෂ්පාදන බද්ද මෙම නව බදු ඉහළ දැමීමත් සමඟ රුපියල් 52 ක් බවට පත්ව ඇති බවත් වෙනත් පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක බද්ද රුපියල් 52 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සාමාන්‍ය ඩීසල් ලීටරයකට පැවැති රුපියල් 6 ක නිෂ්පාදන බද්ද රුපියල් 31 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 13 ක බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් ඊට අමතරව සෙසු සියලුම ඉන්ධන වර්ග සඳහා පැවැති රුපියල් 13 ක නිෂ්පදාන බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධනවලට බද්දක්?
SL Tuesday, 03 January 2023 09:18 PM
පෙට්රෝල් පිටරට හදපුවහම නිෂ්පාදන බද්දක් කොහොමද? ප්‍රමාද කරලා ප්‍රමාද ගාස්තු ගෙවන්නේ උඹේ තාත්තද . කාංචන උඹ පලයන්.
HasithWednesday, 04 January 2023 05:39 AM
අප දුටු ඉතාම අකාර්යක්ෂම තෙල් ඇමති .ගෙදර ගියා නම් හොඳයි
Sunil Tuesday, 03 January 2023 09:36 PM
මේ අය ලංතාව සමග සෙල්ලම් කරනවද නැතිනම් ජනතාව ගොනාට අන්දනවද? ඊයේ එහෙම ඉන්ධන වල මිල රුපියල් 10 කින් පමණ පහළට දමා බස් ගාස්තු අඩු කරන්න කිව්වා. අද ඉන්ධන රුපියල 25 කින් ඉහළ දමලා.
de silva Wednesday, 04 January 2023 07:53 AM
නිශ්පාදන බද්ද? පට්‍රොල් ලංකාවෙ හදනවද ? එක එක විකාර කරල අපිව ආයෙ කොලඹ ගෙන්වගන්න එපා , මෙපාර ආවොත් එන්නෙ දෙකෙන් එකක්බෙර ගන්න , මිනිස්සුන්ගෙ ඉවසිමෙත් සීමාවක් තිබෙනව.
අසාධාරණ Wednesday, 04 January 2023 08:06 AM
ඇයි යකුනේ තොපි ඉන්ධන ගොඩබාන වෙලාවෙත් රේගු බදු ගහනවා නේද. ලංකාවෙ නිෂ්පාදනය නොකර මොන නිෂ්පාදන බද්දක්ද.එහෙනම් ගොඩබෑමේ බද්ද ,ගබඩා කිරීමේ බද්ද ,බෙදාහැරීම සදහා බද්ද, ප්‍රවාහන බද්ද, මිලට ගැනීමේ බද්ද ,පාවිච්චියට ගැනීමේ බද්ද කියලා සුද්දා බල්ලන්ට බදු ගැහුවා වගේ බදු පනවපල්ලා. මොකද තීරණ ගන්න එවුන්ට ජනතා මුදලින් ලැබෙන නිසා. මිනිසුන්ට තියෙන අමාරුකම් තේරුම් ගන්න බැහැ
චන්දන Wednesday, 04 January 2023 08:09 AM
සතුට ඉහ වහා යනවා
වල් සුනකයෝ Wednesday, 04 January 2023 09:56 AM
කලින් හොරාකාල රටේ ආර්ථිකය වට්ටපු උන්ගේ පව් අප මත පටවන්න එපා!
fairoos Wednesday, 04 January 2023 01:22 PM
මේ පාලකයන් රටට කරන අපරාධයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... තොලොංචි වෙලා යන්න...