(ඩයනා උදයංගනී)
මෙවර 75 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් 1000 ක් වටිනා සමරු කාසි 75 නිකුත් කිරීමට නියමිතය. මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී මේ ගැන සඳහන් විය.
මෙවර ජාතික නිදහස් උත්සවය "නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව මේ විගඩම බලන්නද ඉන්නේ.?
නිදහස් දින සැමරුම් කුසලාර්ථයට උචිතයිද? අපගේ අදහස නම් මේ රටට නිදහස් දින සැමරුම යනුවෙන් සැමරුම් අවශ්‍ය නැති බවයි. සැමරුම් දිනයන් තුළ කුසලාර්ථ තිබිය යුතුයි. අප උපන් දින සිට අපගේ ශරීරය කෙතරම් තුවාල වන්නට ඇද්ද? අපගේ නොසැලකිලිමත් බව නිසා කොපමණ තුවාල සිදු වී ඇත් ද? ඇතැමෙක් ඕනෑකමින් ම තරහ පිරිමසා ගැනීමටද, බලාපොරොත්තු කඩවීම් හේතුවෙන්ද, අනුන්ට රිදවීමේ චේතනාවෙන්ද, ශරීරයට කරන ලද සැත්කම් තුළින්ද, වෙනත් හේතු නිසාද තම ශරීරයට තුවාල සිදු කරගෙන ඇත. ඒ මේ ආකාර සියලු තුවාල අතර බරපතල ගැඹුරු තුවාල ද තිබිය හැකිය. ඇතැම් තුවාල කැළල මැකී නොයයි. කුමන වූ ආකාරයෙන් ශරීරයට තුවාල වීම සුදුසු නැත. ප්‍රයෝජන ද නැත. සැත්කම් කිරීමට භාජනය නොවන්නේ නම් කෙතරම් අගේද? සැත්කම් කිරීමට සිදුවන්නේ ශරීරයේ දුබලකම් නිසායි. කියන ලද හෝ කුමන ආකාරයකින් හෝ ශරීරයේ තුවාල සිදුවූ දිනය හෝ තුවාල සුව වූ දිනය හෝ තුවාල සුවවීමෙන් ඉතිරි වූ වණ තුවාල කැළල් හෝ කිසිවෙකු ත් සැමරීම් කරත්ද? අතිතයේ එසේ කවුරුන් හෝ සිහිකර සැමරීම් කර තිබේද?
ශ්‍රී පාදයේ වැදීමෙන් ඇතිවුණා වූ රුධිරය කැටි ගැසීමෙන් ඇති වූ තුවාලය, බුදු සසුනේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් වණක් පිරිසෙන් කවරෙකු හෝ සිහිකර සැමරුම් කර ඇත්ද? තථාගතයන් වහන්සේගේ එකී රුධිරය උත්පාදක කැටි වූ ලෙය ජීවක වෛද්‍යතුමා විසින් ප්‍රතිකාර කර සුවකරන ලදී. තථාගතයන් වහන්සේ ගේ එම ශ්‍රී පාදගත තුවාලය සුවකිරීම පිළිබඳව කවරෙක් හෝ සැමරුම් කර තිබේද? නැත... තම තමන්ට හිමි යම් වටිනා භාණ්ඩයක් සොරු ගැනීමෙන් පසු නැවත සොරුවිසින් ඒ භාණ්ඩය... හිමියා වෙතට ගෙනැවිත් දීමෙන් හෝ නැතහොත් අන්‍යාකාරයකින් හෝ හිමියා වෙතට ලැබීමෙන් පසු ඒ භාණ්ඩය නැති වූ දිනය හෝ ඒ බඩුව නැවත් ලැබූ දිනය හෝ කවරෙකු විසින් හෝ සිහිකර සැමරුම් පවත්වන්නේ ද? ලංකා භූමියේ, ලංකා රාජ්‍යයේ හිමිකම බුදුරදුන් සන්තකයි. එම හිමිකම දෙයාකාරයකින් සිදු වී ඇත. තථාගත බුදුරදුන්ගේ පළමුවන ලංකාගමනය යක්ෂයන් දමනය කිරීමට, මහියංගනයට වැඩි අවස්‍ථාවේ බුදුරදුන් විසින් "යක්ෂයෙනි, ඔබගේ බය සහ දුක් මම පහ කරන්නෙමි. තොපි සමඟිවව්... මෙතැන්හි මට හිඳිනා තැනක් දෙන්නාහුද? නොදෙන්නාහුද?" යි යක්ෂයින්ගෙන් විමසා වදාරන ලදී...
එවිට එම යක්ෂයෝ " නිදුකානෙනි නුඹ වහන්සේට මෙම සියලු ම ලක් දිව දෙම්හ.අපට අභය දුන මැනවැ" යි ඒ යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ. බුදුරදානෝ එකී පිදීම පිළිගෙන මහියංගන චේතිය බිමෙහි වැඩ වදාළ සේක. ඒ ප්‍රථමයෙන් ම ලංකා භූමිය සම්බුදු රදුන්ට පූජා වූ අවස්ථාව සහ ආකාරය ය. (මහා වංශය පළමුවෙනි පරිච්ඡේදය 26, 27, 28 ගාථා) තථාගත බුදු රදුන් පිරිනිවන් පෑමෙන් වසර දෙසිය සතිසක් ඉකුත් වූ තැනේදී අනුබුදු මහ මිහිඳු මහ අරහතුන් වහන්සේ ප්‍රධාන කොට මහ අරහත් සඟ පිරිස විසින් ලංකාද්වීපයේ බුදු සසුන පිහිටවා වදාළහ. අනතුරුව මහ මිහිඳු මහ අරහතුන් වහන්සේගේ ඇරයුම පරිදි සඟමිත් මහරහත් මෙහෙණින් වහන්සේ විසින්, තථාගත බුදුරදුන් පිට දී වදාරන ලද, ජය ශ්‍රී මහ බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කොට වදාරන ලදහ. ඒ අවස්‍ථාවෙහි දේවානම් පියතිස්ස නරේන්ද්‍රයානන් විසින් ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ පුදන ලදී. ඒ බැව් මහාවංශයේ 19 වෙනි පරිචේදයේ 30,31,ගාථාවන්හි දක්වත්. (" සමුද්දතීරේ මහාබෝධිං ඨපෙත්වා තීනි දිවසානි සකලතම්බපණ්ණිදීපෙ රජ්ජේන පූජේසි" යනුවෙන් සමන්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි ද කීහු.) එය ලංකා රාජ්‍ය දෙවන වරට බ
එය ලංකා රාජ්‍ය දෙවන වරට බුදු රදුනට පිදුනු අවස්ථව ය. එකී පූජාව බල සහිත ය. දේව, යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, දිව්‍ය නාග, සුපර්ණ, රාක්ෂ, අසුර,මාර ,භූතාදී කිසිම අයෙක් මෙම පූජාවට, ලංකා රාජ්‍යයේ අයිතිවාසිකම් කියා විරෝධීව පෙනී නොසිටියහ. මෙයට අමතරව ද යමක් කිව යුතු ය. ලංකා භූමියේ දෙවියන්ගෙ අඩවි තිබනවාලු; අසවල් අසවල් දෙවියන් උදෙසා මේ මේ සීමාවෙන් සීමාවට ඒ ඒ දෙවියන්ට අයිතිලු, අනේ අපොයි ! බුදු රදුන් සන්තකව පූජා වී ඇති ලංකා භූමියේ කෙසේ නම් දෙවියන් උදෙසා තෝම්බු අයිතිවාසිකම් තියෙනවා කියන්නේ! මේ ලංකා භූමියේ කිසිදු දෙවියෙකුට දේවාලයකට, කෝවිලකට අඩවි අයිතිවාසිකම් නැත; හිමි කම් නැත. අනුරාධපුර මහමෙවුනාවෙහි වැඩ වසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, බුදු රදුන් උදෙසා වූ ලංකා රාජ්‍ය පිදූ පූජාවට කාය ශාක්ෂි වශයෙන් ශාක්ෂි දරන්නාහ. මේ ලංකා රාජ්‍යයේ සියලු අයිතිවාසිකම් බුදු රදුන් සන්තකව සම්බුද්ධ ශාසන සන්තකව දරන්නා හ. (දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත. මහා වංශ 19 පරිච්ඡේද්‍ය 58වෙනි ගාථාව සහ සමන්ත්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි " රාජා තං අච්ඡරියං දිස්වා
අට්ඨ තරුණබෝධිරුක්ඛෙ සේතච්ඡත්තේන පූජෙත්වා අභිසේකං අදාසි" " දේවානම් පියයතිස්ස නිරිඳු තරුණ බෝරුක් අටෙහි ඓශ්චර්‍ය්‍ය් දැක සේසතින් අභිසේඛ කොට පූජා කෙළේ ය."යනුවෙන් දක්වත්." ) ලංකාද්වීපය නිරවුල් ලෙස සම්බුද්ධ ශාසනය පූජා වී ඇති බැවින් රට වැසියන්ගේ කුශලාර්ථය සුරැකෙන ලෙස රටේ පාලනය පැවතිය යුතුය. මෙකී අයිතිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුටත් ම හිමි කමක් නැත; පාලනය කරන පුද්ගලයාට හෝ පිරිසට මේ රටේ අත්තනෝමතියක් කළ නොහැක. හිමිකම බුදු රදුන් සන්තක බැවිනි. නිදහස් සැමරුම් කිරීමට හේතුව නිදහස ලැබීම ය. නිදහස අහිමි වීම යනුවෙන් සලකන්නේ උඩරට ගිවිසුම ඇතිවීමෙන් නිදහස ඇහිමි වීම ය. 1815 මාර්තු 02 වෙනි දින ප්‍රකාශිත උඩරට ගිවිසුම, (මෙම ගිවිසුම අත්සන් කළ දින පිළිබඳ මත බේද අදාළ නැත. ) ගිවිසුමකට හිමි ප්‍රකාර බලයක් ඇතය'යි අප පිළිගන්නේ නැත. එබැවින් උඩරට ගිවිසුම හිස් ලියවිල්ල පමණ යි. ගිවිසුමකට අවම වශයෙන් පාර්ශව දෙකක් සිටිය යුතු ය. යම් දේපොලකට හෝ මූල්‍ය ගනුදෙනුවකට හෝ සේවා ගිවිසුමකට ගිවිසුම් ගත වීමකදී නීත්‍යානුකූලව එකී දේපොලවලට හෝ මූදලට හෝ සේවාව සැපයීමට හෝ නීත්‍යානුකූල අයිති පාර්ශවය සහ ලැබුම් කාර පාර්ශවය වශයෙන් දෙයාකාර
දෙයාකාර ය. එකී දෙයාකාර පාර්ශවයේ පළමුවන පාර්ශවයට, කවර අයෙකු සමඟ හෝ ගිවිසුමකට එළඹීමට හේතු වන දේපොල හෝ මුදල් හෝ සේවා සැපයීම හෝ සම්බන්ධව නීත්‍යානූකූලව තහවුරු වූ අයිතියක් තිබිය යුතු ය. එසේ අයිතිය නොමැතිව ඇති කර ගන්නා ගිවිසුම් බලාත්මක නැත. බල රහිත ය. උඩරට ගිවිසුම අත්සන් කිරීමේදී ලංකා භූමිය වෙනුවෙන් අත්සන් කළ කිසිවෙකුටත් ම ලංකා රාජ්‍ය වෙනුවෙන්, ලංකා භූමිය වෙනුවෙන් හිමි කම අහිමි කිරීමට, අත්සන් කිරීමට කිසිදු අයිතිවාසිකමක් නැත; හිමි කමක් නැත. උඩරට ගිවිසුමට ලංකා භූමිය වෙනුවෙන් අතසන් තබා ඇති, ඇහැලේපොල මහ නිලමේ, මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව, රත්වත්තේ -මාතලේ දිසාව, ගලගොඩ - නුවර කලාවියේ දිසාව, මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව, මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව, පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව, .පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව, මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව, ගලගම -තමන්කඩුවේ දිසාව දුල්ලෑව (වලපනේ දිසාව, යන කිසිවෙකුටත් ම ලංකා රාජ්‍යය අන්සතු කිරීමට බලයක් නැත. එකී හේතුවෙන් මේ උඩරට ගිවිසුම බලරහිත ය. 1815 මාර්තු 02 දින සිට යමෙක් මේ රට
1815 මාර්තු 02 දින සිට යමෙක් මේ රට ලක් කිරුළේ හිමි කම නොපිළිගෙන පාලනය කළේ ද එකී පාලනය අනීතික ය. විජය රජ තුමාගේ පටන් පවතින සහ, බුදු සසුනට පිදීමෙන් බුද්ධ සන්තක වී ඇති ලක් දෙරණේ කිරුළ, උඩරට ගිවිසුමට අත්සන් කළ කිසිවෙකුටත් ම අන් සතු කිරීමට බලයක් නැත. මේ හේතුවෙන් බලවත් වංචා සහගත ලෙස ලක් දෙරණ තමනට හිමිකමක් නැතිව බලහත්කාරයෙන් පාලන බලය ගෙනගිය අයගෙන් මිදුණු දවස සැමරීම හෙළ උරුමයේ අබිමන් බව හෑල්ලු කිරීමක් බව අපගේ අදහස ය.
මේ සැරේවත් නිදහස් දින සැමරුම්වලට රට මේ තරම් විනාශයකට යොමුකළ අය සහ ඔවුන්ගේ අන්තේවාසිකයන් කවුරුවත් සහභාගි නොකරගන්නට වගබලාගත යුතුයි...
ඔය කොහේ තියන නිදහසක් ගැනද සමරන්නේ? දියවන්නාවේ ඉන්න හොරු රැළට තියන නිදහස රටේ ජනතාවට නැහැනේ... !
නමෝ ... නමෝ.... හුදී ජනතාව නම් දැන් දෙකට නමෝ නමෝ...
ඔය බොරු නිදහස බේරෙ වැවට වීසිකරලා අපේ රට චීන්නුන්ට බාර දුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා... රස්සාවල් නැහැ.. කන්න නැහැ.. අඳින්න නැහැ.. ගමනක් යන්න ප්‍රවාහන සේවයක් නැහැ.. අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් නැහැ.. මුළු රටම කැඩිලා, බිඳිලා ගරාවැටෙන හැටි බලාගෙන නිදහස සමරමුද?