(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (5) පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට දින පැවැත්වීමට නියමිතය.
එම රැස්වීමේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා උදේ 9:30 සිට උදේ 10:30 දක්වා කාලය වෙන් කෙරෙනු ඇත.
රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද හෙට දින පස්වරුවේ පැවැත්වේ.
පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාවක් පිහිටුවීම සඳහා වන යෝජනාවද පාර්ලිමේන්තුවට හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.