(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ පිරිත් සජ්ඣායනාවක් පවත්වමින් වැඩ ආරම්භ ක⁣ළේය.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි පිරිස පංච ශීලයේ පිහිටුවා කළ කෙටි අනුශාසනාවෙන් අනතුරුව පිරිත් සජ්ඣායනය ඇරඹිණි.

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර සඳහා ජනාධිපති අරමුදලින් පිරිනමන මූල්‍ය පරිත්‍යාගයට අදාල චෙක්පත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අස්සජි හිමිට පිළිගැන්වීය.