(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ කර දින 14කින් පසු නාමයෝජනා බාර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
නාම යෝජනා බාර ගැනීම සඳහා දින තුන තුන හමාරක කාලයක් ලබාදෙන බවද ඔහු සදහන් කළේය.
අද නිකුත් කෙරෙන මෙම දැන්වීමට නාමයෝජනා බාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයන් සංඛ්‍යාව කාන්තා නියෝජනය ඇතුළු කරුණු රැසක් ඇතුළත් වේ.
පළාත් පාලන ආයතන 341න් තුන්සිය හතළිහක් සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම අද දින නිකුත් කෙරෙනු ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පසුව නිකුත් කෙරෙන බව කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ඉක්මවා රජයේ සේවයේ සිටියදී ඔවුන්ගේ සේවය ප්‍රදේශිය / පළාත් පාලන කටයුතුවෙනුවෙන් යොදාගැනීමට හැකියාව තිබියදී අනවශ්‍ය මුදල් වැයකර පළාත් පාලනමැතිවරණයක් පැවතීමට රටේ පුරවැසියන් සහයෝගය ලබා නොදෙනු ඇත. පළාත් සබාව දේශපාලනයන් තොරව පවත්වාගෙන් යාමට හැකිනම් පළාත් පාලන ආයතනද ඒ ආකරයෙන් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ. පළාත් සබා / ප්‍රදේශය / පළාත් පාලන එක ආයතනයක් බවට පත්කර කාර්යක්ෂම සේවයක් පුරවැසියන් වෙත ලබාදීමට කට යුතු කලයුතුවේ.
ජනතා බදු මුදලෙන් නඩත්තු වෙන කොමිසමක් රට බහුතර ජනතාවගේ අභිලාෂය වෙනුවෙන් පෙනී සිටීම යහපත් දෙයක්.
දේශපාලන බලය පෙන්වීමට පක්ශ වලට අභිලාශයක් ඇතත් මින් කිසිදු යහපතක් රටට නැත. තීරණාත්මක වෙනසක් අවශ්‍ය නම් ජනාධිපතිවරණය හා මහා මැතිවරණය පැවැත්විය යුතුය. කැලැන්ඩරයක් , විදුලි බිලක් සදහාත් කඩදාසි නැත්නම් මේ චන්දයට වියදම් නොකරන්න. අවශ්‍යම නම් ප්‍රධාන චන්ද දෙකම එකම දිනක පවත්වා යම් පමණකින් හෝ ඉතිරියක් කර ගනිමු.
රජට්යේ සෙවකයන් පමන ඉක්මවා සිටින බැවින් මැතිවරනය සතියෙ දිනවල පැවැත්වීමෙන් අනවශ්ය වියඩම් අඩු කර ගත හැක. තව චන්ද මද්‍යයස්තානවල පෙර පරිදි ගනන් කිරීමට කටයුතු කිරීමෙන් වියඩම් අඩු කරගත හැක. මුද්‍රන කටයුතු වල්ට අනිවර්ය වියදම් ඇත. රජයෙ සේවකයන්ට කොහොමත් වැටුප් ගෙවන වැවින් වියදම් අවම ලෙස කලමනාකරනය කර ගත හැක. ඡන්ඩය නිසා ආර්තිකය කඩා හෙලෙනව කියන බොරු බිල්ල සමාජය පිලිගන්නෙ නැත.
කලට වෙලාවට චන්ද පැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා.මිනිස්සුන්ට පලාත්පාලන ආයතන සහ ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති වෙනවා.රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා.මේක හොඳ ආයෝජනයක්
74 වසරක් රට පාලනය කල සියලු දුෂිත දේශපාලන පක්ෂ පරාජය කර නව ජන බලවේගයක් බලයට පත් කිරීමේ පළමු වෙඩි මුරය මේ මැතිවරණයේදී ජනතාව විසින් තබනු ඇත.
පලාත් සබා කිසිදු ප්‍රයෝනයක් නැති දෙයක් බව සමස්ත ජනතව පිලිගන්න එකක්. පලත් සබා ඔනෙ වෙලා තියෙන්නෙ මන්ත්‍රී තනතුරු ලබා ගෙනෙඑමෙ උවමනවෙන් ඉන්න අත ලොස්සකට. ප්‍රාදේශීය සබා ලොකු සේවයක් කල හැකි ආයතනයක් නි ප්‍රඩෙසයක් තියෙනව. එකම වරද නියොජිතයන් ඩෙගුන කර තිබීමයි.
උඩ කමෙන්ට් කරලා තියන අය ලොකු ලොකු බක පණ්ඩිතකම් දොඩවනවා. හැබැයි පළාත්පාලන මැතිවරණය ගැන කියද්දි... එයාලා පළාත් සභා ගැන කියනවා. ලංකාවේ සමස්තයම ගන්න දෙයක් නැති බව ඇත්ත. හැබැයි දියුණු සමාජය, ශිෂ්ඨ ලෝකයේ බලය මධ්‍යගත කිරීමට වඩා විමධ්‍යගත කිරීම තමා අගය කරන්නේ. ගෝත්‍රිකවාදි අය තමා බලය මධ්‍යගත කරන රාජාණ්ඩු, ඒකාධිපති පාලන ක්‍රම වලට ආවඩන්නේ...
ඇනිවාර්යෙන්ම චන්දයක් අවශ්යයි..නියම කෙනාට චන්දය දීම ජනතාවගෙ වගකීම..ඉන්න සහ හිටපු අය පත්කරල ආපහු ආපහුගන්ඩ බැහැ.