(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 24ක සහ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති දෙකක හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
ඒ අනුව මෙම වසර අවසන්වීමට පෙර හිමිකම් ඔප්පු ලබාදීමේ කටයුතු අවසන්කළ හැකි වෙතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නිවාස ව්‍යාපෘති 24ක් යටතේ නිවාස ඒකක 14,607ක් ඉදිකර ජනතා අයිතියට පත්කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.