(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රටපුරා බලපත්‍ර නොමැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති හෙයින් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන බලපත්‍රයක් නොමැතිව ගුවන් ටිකට් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම අධිකාරිය සඳහන් කළේය.
එසේම එවන් නියෝජිත ආයතන වෙතින් ගුවන් ටිකට් ටිකට්පත් මිලදී ගැනීමෙන් වැළකිය යුතු බව පවසන එම අධිකාරිය නීති විරෝධී නියෝජිතායතන සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එසේම එවැනි ආයතන සම්බන්ධයෙන් ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දිය හැකි බවද එම අධිකාරිය ප්‍රකාශ කළේය.
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රය කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කර නොමැති ඕනෑම ගුවන් ටිකට් පත් අලෙවි නියෝජිත ආයතනයක් සමඟ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අදාළ කිසිදු ගනදෙනුවක් නොකරන ලෙස අධිකාරිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්
de silva Wednesday, 04 January 2023 01:27 PM
ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා ගෙවීම් කර 3 වැනි පාර්ශවයකට ගුවන් ටිකට්පත් මිලදී ගන්න පුළුවන්.. ආණ්ඩුව කොහොමද ඒක නවත්වන්නේ..?
Kasun Wednesday, 04 January 2023 01:44 PM
මමත් online ටිකට්ස් ගන්නවා. එතකොට එවත් නීති විරොදි වෙන්න ඔන නේද
damayanthi Wednesday, 04 January 2023 02:08 PM
දැන් එතකොට ක්‍රෙඩිට් කාඩ් හරහා අන්තර්ජාලයෙන් ලෝකයේ තියෙන වෙබ්සයිට් එකකින් ගන්න ටිකට් එකට මොකද කරන්නේ?