(නිමන්ති රණසිංහ)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එන් ජයවර්ධන මහතා පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස් කොමිසම විසින් පත්කර ඇත.
මෙතෙක් පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශ්‍රාමයෑමෙන් පසු හිස් වූ ධුරය සඳහා ජයවර්ධන මහතා පත් කර තිබේ. ජයවර්ධන මහතා මීට පෙර සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ අතර උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කළේය. මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජයවර්ධන මහතා ජාත්‍යන්තර බුද්ධි විශ්ලේෂකයෙකු වශයෙන්ද සේවය කර තිබේ.
කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයෙකු ලෙස විදේශ සේවා අත්දැකීම් ලද පරිණත නිලධාරියෙකුද වන ජයවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යලයේ ව්‍යපාර කළමණාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද ශිෂ්‍යත්ව ලාභියෙකු ලෙස සිය මූලික උපාධිය ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කළ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම එතුමා හිටපු ජනපති සිරිසේන ජනධිපතිතුමා යටතේ එතුමාගේ ආරක්ෂකයා විදියට 2019 වසරේ මනා සේවයක් ඉෂ්ඨ කළ අවංක නිලධාරියෙකි. මෙරට කතෝලික ජනතාවට එතුමා සමග විශාල ගණුදෙනුවක්ද ඇතිබව අමතක කළ යුතුම නැත..
බෝම්බ ගහනකම් නොනිදා සේවය කළ කෙනෙක් නේද මෙයා..?
ඔය D. G. N නොදා නිලන්ත ජයවර්ධන කියල දැම්මනම් ඉවරනෙ