(නිමන්ති රණසිංහ)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එන් ජයවර්ධන මහතා පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස් කොමිසම විසින් පත්කර ඇත.
මෙතෙක් පරිපාලන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශ්‍රාමයෑමෙන් පසු හිස් වූ ධුරය සඳහා ජයවර්ධන මහතා පත් කර තිබේ. ජයවර්ධන මහතා මීට පෙර සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ අතර උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කළේය. මීට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජයවර්ධන මහතා ජාත්‍යන්තර බුද්ධි විශ්ලේෂකයෙකු වශයෙන්ද සේවය කර තිබේ.
කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයෙකු ලෙස විදේශ සේවා අත්දැකීම් ලද පරිණත නිලධාරියෙකුද වන ජයවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යලයේ ව්‍යපාර කළමණාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද ශිෂ්‍යත්ව ලාභියෙකු ලෙස සිය මූලික උපාධිය ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කළ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වෙයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පොලිස් පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධනට
C.K.Lankaputhra Wednesday, 04 January 2023 10:51 AM
ඒ වගේම එතුමා හිටපු ජනපති සිරිසේන ජනධිපතිතුමා යටතේ එතුමාගේ ආරක්ෂකයා විදියට 2019 වසරේ මනා සේවයක් ඉෂ්ඨ කළ අවංක නිලධාරියෙකි. මෙරට කතෝලික ජනතාවට එතුමා සමග විශාල ගණුදෙනුවක්ද ඇතිබව අමතක කළ යුතුම නැත..
නිහාල් Wednesday, 04 January 2023 01:11 PM
බෝම්බ ගහනකම් නොනිදා සේවය කළ කෙනෙක් නේද මෙයා..?
Prabha Wednesday, 04 January 2023 02:35 PM
ඔය D. G. N නොදා නිලන්ත ජයවර්ධන කියල දැම්මනම් ඉවරනෙ