(සුජිත් හේවාජුලිගේ )
නව කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් හය දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් වැඩි දෙනෙකුට මෙහිදී අමාත්‍ය ධූර හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර මෙයට පෙර පිරිනැමීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම බස්නාහිර සහ සබරගමු පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබාදීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබා දීමටත් එකඟත්වය පළ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
තමන්ට ආණ්ඩුවෙන් කිසිම සැලකිල්ලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා පැමිණිලි කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් රටේ ඉතුරු වෙලා තිබෙන සම්පත් විනාශ කිරීමේ වැඩ පිළිවෙලක්.
යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ.
මෙහේ මිනිස්සු දහ දුක් විදිනවා. හොරු134 ක් අල්ල ගත්ත අපේ රට උන්ට ඕන විදියට සැප ගනිමින් ඉස්සරහට ගෙනියනවා
මේ කාලකන්නි හැතිකරයට අවශ්‍ය තමන්ගේ ප්‍රතිරූපය සහ මහන්තත්වය නංවා ගැනීමයි .ජනාධිපතිත් පොහොට්ටුවේ පඹයෙක් වෙලා අවසානයි .මේ දුරධාන්ත රජය යටතේ රට තවත් කාබාසිනියා වීම නොවැළැක්විය හැකියි
අයියෝ ආණ්ඩුකාරවරු පත්කිරීමේදී මධ්‍යම බස්නාහිර හා සබරගමුව එජාපයේ අයටත් දකුණට වයඹට නැගෙනහිර හා සබරගමුව සදහා පොහොට්ටු අයටද අවස්ථාව දීමට තීරණය කලා කියන්නෙ සබරගමුව සදහා දෙදෙනෙක් පත්කරනවා කියලද මහත්තයෝ
මැතිවරණ තියන්න සල්ලි නැහැ කියලා බයිලා ගහන්නේ චන්ද වලට තියන බය නිසා , මේ හොර ආණ්ඩුවට අලුත් ඇමතිලා පත්කරගෙන උන්ට වියදම් කරන්න , නාස්තිකරන්න සල්ලි ඕනේ තරම් තියනවා
හිසරදය සඳහා තවත් කොට්ටයක් මාරු කිරීම .
හොරුන් රකින්න බලෙන් නායකයා වුනාම හොරුන්ව රැකෙනවා ඇරෙන්න වෙන මොනවද වෙන්න පුළුවන්?ජනතාවනි .. අවදියෙන් ඉන්න.චන්දයේදී ඔබට සාධාරණයක් ඉටු කර ගන්න
ආණ්ඩුකාර ධූර සදහා පත් කෙරෙන්නේ හැට පැන හොට බිම ඇණුනු විශ්‍රාම ගොස් සිටින දේශපාලක මහල්ලන්ද ? බස්නාහිර පළාත සදහා දැනට කටයුතු කරන එයාර් මාෂල්වරයා සුදුසු බව මාගේ හැඟීමය.
ජන්ද තියන්න සල්ලි නැහැ, ජනතාවට සහන දෙන්න සල්ලි නෑ. 134 කට පහසුකම් දෙන්න සල්ලි තියෙනව.
හොරුන්ගෙන් ආව හොර නායකයෙක්ට ඕක තමයි කරන්න වෙන්නේ. රනිල් කියන්නේ කිසිම දැක්මක් තියෙන නායකයෙක් නෙවෙයි. නැතිනම් අවුරුදු 40ක් දේශපාලනය කරලා අපේ රට දැන් තියෙන තැන පේනවා නේද?
රනිල් රාජපක්ෂ රට තවත් බංකොලොත් කරන්ඩයි යන්නෙ..මෙ කාලකන්නින්ට ස්වබා දහමින් පඩිසම් ලැබෙනව