(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තවත් ප්‍රධානීන් දෙදෙනකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
මෙසේ සුදුසුකම් පරීක්ෂා කර බැලෙන්නේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස නම් කරන ලද රවි රාජසිංහ සන්දීපන් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද එම්.එම් එම් බණ්ඩාර යන මහත්වරුන් ගේය.
මීට අක්‍රමිකතා චෝදනා සැලකිල්ලට ගෙන භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා එම තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද ඔය කියන කමිටුවේ අයගේ සුදුසුකම් හා පලපුරුද්ද ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ කළානම්...? කසිප්පු කාරයෝ? මාල හොරු? කප්පම්කාරයෝ? ස්ත්‍රී දූෂකයෝ? හොරු? කොමිස් කාක්කන්? ආදී උසස් යැයි හිතාගෙන ඉන්න සුදුසුකම් සමගින්ම...
ව්‍යවස්ථාදායක බලය උල්ලංඝනය කරමින්, පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි බව හිමි මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්, පිළිබඳව ද සොයන්නේ නම් කෙතරම් අගනේ ද? ඔවුන් එළවා දැමීමට කටයුතු කරන්නේ නම් යුතු කම කළා වැනි ය; අපට ඔවුන් සමඟ ඇත්තේ ව්‍යවස්ථා ගනු දෙනුවක් මිස පුද්ගලික කෝන්තර නැත; රටේ යහපත් වූ පොදු නීතිය නොතකන පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටීම අතිශයින් ම භයානක ය. සොරුන් තබා ගැනීමෙන් සමස්ත ව්‍යවස්ථාදායකයේ සහ රාජ්‍යයයේ වගකීම හා යුතුකම පැහැර හරින බැවිනි; හෑල්ලු වන බැවිනි. අලි යන මං තලව් තිබියදී කුහුඹු යන ගුල් වැසීමට උත්සාහ කිරීම වැනි දෑ රාජ්‍යයකට තරම් නොවේ.
මාල හොරෙක්, කසිප්පු කාරයෙක්, කුඩු මුදලාලියෙක් වීම තමයි මේ වාගේ තනතුරකට තියන ඉහළම සුදුසුකම... පාර්ලිමේන්තුවටත් එච්චරයි.