(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉතාලි ජාතික කාන්තාවක් සහ ඉතාලි ජාතික පිරිමි පුද්ගලයකු ගමන්ගත් කාර් රථයකට රන්දෙණිගල ප්නිගල ප්‍රදේශයේ දී වල් අලියකු පහරදී ඔවුන්ගමන්ගත් කාර් රථය පෙරලා දමා ඇතැයි කීර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි.
වල් අලි ප්‍රහාරයෙන් කාර් රථයට අලාභානි සිදුවී ඇතත් එහි ගමන් ගත් ඉතාලි ජාතික යුවලට කිසිදු හානියක් සිදු වී නොමැති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඉතාලි ජාතික යුවළ ඇල්ල ප්‍රදේශයේ සිරි නරඹන්න නරඹා එම ප්‍රදේශයේ සිට මහනුවර දෙසට කාර් රථයෙන් ගමන් කරමින් සිටිය අතරවාරයේ වන අලියකු මාර්ගය ටපැමිණ ඇති අයුරු දැකකාර් රථය නතර කරගෙන සිට ඇතැයිපොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වාර්තා ලියද්දි ගැහැනු කෙනෙක් නම් කාන්තාවක් කියලත් පිරිමියකු නම් පිරිමි පුද්ගලයෙක් ලෙසට ලියන්නෙ කියලා පැහැදිලි නැහැ .පිරිමි පුද්ගලයෙක් නම් ගැහැනු පුද්ගලයෙක් නැතිවෙන්න පුලුවන්ද. වාර්තා ලියද්දි කාන්තාවක් හා පිරිමියකු කියලා ලිවීම වැරදිද කියලා තේරුම් කරලා දෙන්න
මොහොට්ටාලට පිලිතුරැ.......මා දන්නා අයුරින් මෙසේ පැහැදිලි කරමි. එක්,අක්, අක, අකු ප්‍රත්‍ය යෙදීමෙන් ගැහැනු පිරිමි වශයෙන් වර්තමාන හා අතීත වශයෙන් වෙන්වන පද හදුනා ගත හැක. පුද්ගලයෙක් හෝ පුද්ගලයකු වශයෙන් යෙදීමෙන් පුරුශයෙක් බව හදුනාගත හැක. නමුත් ගැහැනියක් නම් පුද්ගලයක හෝ පුද්ගලයක් වියයුතු අතර එලෙස වචන සිංහල බසෙහි නොයෙදේ. එනම් පුද්ගලයෙකු යනු පුරුෂයෙකු හගවන පදයකි. කන්තාවක් හා පිරිමියෙකු යනුවෙන් ලිවීම වැරදි නැත. නමුත් ලිවීමෙදි ගෞරවන්විතව ලිවීම කරනු ලබයි. පිරිමියෙකි යනුවෙන් සදහන් කරන්වාට වඩා පුද්ගලයකු ලෙස හැදින්වීම වඩාත් ශිෂ්ටසම්පන්න වේ. ඉංග්‍රීසි බසෙහිද මෙවැනි ව්‍යවහාර ඇත. 'මෑන්' කියනවට වඩා 'අ පර්සන්' යනුවෙන් යෙදේ. නමුත් 'පර්සන්' යනුවෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ශයටම ගැනෙ.