
(රෝෂන් තුෂාර)
වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි කියන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ලබන 20 දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය .
සැකකරු අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශන සදහා මුල් අවස්ථාවේ පටන් කිසිදු සහයෝගයක් ලබාදී නොමැති හෙයින් ඇප ලබා දුන් පසු විමර්ශනයන්ට සහයෝගයක් ලබා දේ යැයි විශ්වාස කළ නොහැකි බැවින් ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බව මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් විමර්ශනය අවසන් නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.
වසර දෙකක කාලයක් තුළදි සිය වැටුප් සහ අදායම් වලින් උපයා ගත් නොහැකි රුපියල් මිලියන 46 වත්කම් උපයා ගැනිම හා එකි වත්කම් උපයාගත් අකාරය අනාවරණය කිරීම අපොහොසත් වී ඇති සැකකරු විමර්ශන සඳහා නිසි සහයක් දක්වා නැමැති බවද වැඩිදුරටත් පැවසීය.
සැකකරුට එරෙහි පැමිණිල්ල 2015 දී ලැබුණු බවත් 2016 වර්ෂයේ දී විමර්ශන ආරම්භ කොට එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමක් කළ බවත්, නිසි පිළිතුරු ලබාදීමට සැකකරු අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd