(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට පුරා පැනවූ හදිසි තත්වය මාසයක් දීර්ඝ කිරීම( මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය) සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී හදිසි තත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 104කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.

යෝජනා සම්මතයට පක්ෂව ඡන්ද 106ක් ලැබුණ අතර ඊට විරැද්ධව ලැබුණේ ඡන්ද 02 ක් පමණි.

ජී.ජී පොන්නම්බලම් සහ අර්චුනා රාමනාදන් යන මන්ත්‍රීවරු මහජන ආරක්ෂක පනතේ යෝජනා සම්මතයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

හදිසි තත්වය දීර්ඝ කිරීමට ඡන්දයක් අවශ්‍ය බව සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ නායක පොන්නම්බලම් මහතා ඉල්ලීමක් කළේය.ඡන්ද විමසීම පැවැත්වුණෙ ඒ අනුවය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ මේ අවස්ථාවේදී රටට හදිසි නීතිය අවශ්‍ය නොවන හෙයින් ඊට විරෝධය පළ කරන බවයි. එම විරෝධය සටහන් කර කරගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය පිළිබද විවාදයේදී අාණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරැ රැසක් අදහස් දැක්වූහ.