(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසමේ සිදුවී තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බෙදීමක් සැලකිල්ලට ගෙනය.
ඉහත බෙදීමට අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සමඟ සුළුතරයක් පමණක් සිටීම හේතුවෙන් ඉදියේදී ගතයුතු පියවර පිළිබඳව වහාම නීතිපති උපදෙස් ගැනීමට රජය වැඩිදුරටත් අදහස් කර තිබේ.
මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ.
මැතිවරණ කොමිසමේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පවතින තත්ත්වය යටතේ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහස බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12කට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී ඇතැයි රජයේ ප්‍රකාශකයා කීය.
රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බව මැතිවරණ කොමිසමේ පිරිසකගේ අදහස වී ඇතැයි රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පක්ෂ පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටියද, රටේ පුරවැසියන් දේශපාලන වෙනසක් මිස පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින්නේ නැත...
මැතිවරණයක් එපා කියන්නේ ආණ්ඩුවට කඩේ යන ගොබ්බයින් විතරක් වෙන්න ඕනේ...!
ආණ්ඩුව ඇතුළුව ආණ්ඩුවට කත් අදින ගොඩක් අය. පළාත් පාලන මැතිවරණයට බය එයාලා දන්නවා ලැබෙන ප්‍රතිඵලය. ආණ්ඩුවට අන්ත පරාජයක් ලැබෙනවා. එවිට ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීවරු කැඩිලා බිඳිලා විසිරිලා යනවා. වාසි පැත්තට හේත්තු වෙනවා. ආණ්ඩුවට ජනවරමක් නෑ කියලා ඔප්පු වුණාම. මහමැතිවරණයකට යන්න වෙනවා. ඒ වගේම ජනාධිපතිට අනාගත ජනාධිපතිවරණයකදී ලැබෙන සහාය අහිමි වෙනවා...
මැකෝටත් පුදුම උණක් තියෙන්නේ පුංචි ඡන්දය පවත්වන්න. පුංචිහේවා නිසා වෙන්නැති. පුංචි ඈයොන්ට ඔය වැඩේ බරපතලකම තේරෙන්නේ නැහැ. ඔය ඡන්දේ ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු කණ්ඩායමක් පමණයි. මහජනතාව කිසිවක් ඉල්ලන්නේ නැහැ. පළාත් සභා නැතුව අවුරුදු 4 ක් ගත වුණා. මහජනයාට පාඩු සිදු වුණාද? එහෙම නම් පළාත් පාලන සභා නැහැ කියලා වෙන පාඩුවකුත් නැහැ. පළාත් පාලන ආයතන විසුරුවා හැරලා කොහොමසාර්වරුන්ට බලය පවරන්න. එතකොට ඔය අටදහස් ගාණක් සිටින පුංචි දේසපාලුවන්ගෙත් කටවල් වැසෙයි. මහජනතාවටත් සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි. රජයටත් කෝටි ගණාක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි. මෙහෙම කියන්නේආණ්ඩුවට කඩේ යන්න එහෙම නෙවෙයි. යථාර්ථය එයයි. තව අවුරුදු 3 කටවත් ඡන්ද අවශ්‍ය නැහැ.
සම්මානයක් ලැබේවි නේද?
චන්දයට තිබෙන මුදල් මදිනම් ගිණුමක් ආරම්භ කරන්න.ශ්‍රී ලංකාවේ සහ විදේශවල පදිංචි බොහෝ දෙනෙකු මුදල් එවාවි .ප්‍රශ්නය නිකන්ම විසඳේවි
ස්වාධීන කොමිෂන් සභා කිව්වත් දැන් පේනවා ද ඇත්ත තත්ත්වය .
චන්දයක් තියාගන්නවත් මුදල් නැති තත්වයට පත්වෙලා.තව මේ ආණ්ඩුව තිබුනොත් රට අන්තයටම පිරිහෙනු ඇත .චන්ද තියාගන්න බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස් වෙලා රට කරන්න පුළුවන් අයට භාර දෙන්න .එවිට මුදල් ගැටළුවක් නෑනේ.මේ ඔක්කොම බොරු මොන්ටිසෝරි කතා .රටට හෙන ගැහුවත් බලයේ ඉන්නට කෑදර කම නිසා කියන දේවල්
ඔය තරම් ආර්ථික අමාරුකමක් තියෙනවානම් 225 ම ඉල්ලා අස් වුනානම් හරි
සල්ලි නැතිනම් 225ට පඩි පරිත්‍යාග කරන්න කියමු . අඩුමුදල් ජනතාව සමග රට විරුවන් දෙනවා .පුලුවන්නම් 225 පාර්ලිමේන්තුවට කියන්න කැමතියි කියලා අභියෝග කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී නම් අභියෝගය ආන්ඩුව භාර ගනියි