(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
ගාලු පාරේ, කතරගම කොළඹ හඅතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
එම මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රුපියල් 1,541 ක ගාස්තුව රැපියල් 1,117ක් දක්වා අඩුවන බව ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම බොරු වැඩේ නතර කළාට බොහෝම ස්තුතියි...!
ඔය අර්ධ සුඛෝපභෝගි කියන එකෙන් කරන්නේ තනිකරම බොරුවක්... සීට් එකකුත් වැඩිකරලා පිරෙන්නම පටවාගෙන යනවා... එහෙම ගිහිල්ල ගානත් වැඩියෙන් ගන්නවා. මුළු ලංකාවේම ඔය අර්ධ සුඛෝපභෝගි සේවා අවලංගු කරන්න ඕනේ...
සාමාන්‍ය අර්ධ සුඛෝපභෝගි වෙනසක් නෑ... බොරුවට ජනතාව සූරාකන මංකොල්ලයක්... නතර කළ එක හොඳ දෙයක්.. ලංකාවේ වෙන පළාත්වලත් නතර කළා නම් හොඳයි.
ඉතාම හොද තීරණයක් .සෙමි ලක්සරි බස් කරන්නෙ මිනිස්සුන්ගෙ සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලක් අරගෙන අනිත් බස්වල වගෙම මගීන් පටවාගෙන යාමයි. මිනිස්සුන්ගෙ අපහසුතා උන්ට ආනක් නෙ. කරුනාකරල ඇමතිතුමනි ලංකාව පුරා ඇති සෙමි ලක්සරි සේවාව සම්පූර්ණ අවලංගු කරන්න
ඉතාමත් හොඳ වැඩක්... බොහෝම ස්තුතියි...!
හොඳ තීරණයක්... තව තංගල්ල, යාපනය, මන්නාරම, මුලතිව් යන බස් ගැනත් හොයලා බැලුවා නම් හොඳයි.
බොහොම හොදයි බොරැවට ජනෙල් වලට කර්ටන් එකක් විතරයි ඔය අර්ධ සුඛෝපභෝගී බස්වල තියෙන්නෙ