(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ පනතේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහර බෙදන්න පුළුවන්නම් හොඳයි.
හිටපු ලොක්කාත් ඔය වගේමයි හැම සුමානෙකම හමුදාව කැදෙවුව.
දැන් කී පාරක් හමුඩා කැදෙවුවද? මොකටද එහෙම කරන්නෙ? කාව බය කරන්නද? මිනිස්සු ආපහු පාරට බහින එක නවත්තන්නද? මෙ කාලකන්නිය මැරිල වත් යන්නෙ නැද්?
පහු ගිය මාස කීපයට දහ දොළොස් පාරක් ඔහොම කලා නේද ?
මොකක් හරි තක්කඩි වැඩක් කරන්න යන්නේ, ඒකට මිනිස්සු පාරට බහින එක වළක්වන්න තමයි ඔය කලින්ම හමුදාව කැඳවලා තියෙන්නේ...
ලංකාවේ යුද්ධයක්ද ?
ඉවක් බවක් නැතිව සෝබනයට පාරට බැහැලා බොරුවට කෑ කෝ ගසන දේශපාලු අපතයෝ මර්ධනය කරන්න නම් ආරක්ෂක හමුදාවට උපරිම බලය පවරලා පැය 24 ම සූදානමින් තබා ගත්තට ඒකේ කිසිම වරදක් නැහැ.හැබැයි සාධාරණව ජීවත්වීමේ අයිතීන් සඳහා පාරට බසින පීඩිතයන්ට නම් ආයුධ ඔසවන්න එපා .ප්ලීස්
මුන් ඉක්මනට තොලොංචි වෙලා යන්නේ වත් නෑනේ.රටේ කරුමෙට
කරන්න පුළුවන් එකම වැඩේ ඔච්චරයි.
නන්දසේනත් කැඳවල අන්තිමට නන්නතාර උනා මෙයාටත් ලගදීම ශොට් එක හම්බවේයි.