
(ෂේන් සෙනෙවිරත්න)
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකොට තිබේ.
එම ලිපියේ මෙසේ ද සඳහන් වේ
කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජනක සේනාධිපති නැමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කොට ඉදි කරමින් පවතින බව අප වෙත දැනගන්නට ලැබී ඇත. මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යථ්‍යාවට රැවටී මිලමුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බව ද කරුණු අනාවරණය වෙමින් පවතී.
එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ නැමැත්තකු බුදු දහමට හා ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවක් දක්නා ලැබේ .
මෙසේ බුදු දහමට හා ශාසනික චිරපැවැත්මට හානිකර වන අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාළිගා නිර්මාණය කරමින් මිත්‍යා මත ඉස්මතු කොට දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයන් බවත් බුදුදහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමානය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැමිණිලිකරුවන්ගෙනුත් බුද්ධාගම බේරා ගන්නයි ඇත්තටම වෙලා තියෙන්නේ.
ඒ එක්කම හාමුදුරුවරු කියාගෙන ඉන්න අයගෙනුත් නිර්මල බුදු දහම බේරලා දෙන්න කිව්වා නම් නේද වඩා හොඳ?
දළදාව හා නිර්මල බුද්ධ ධර්මය අතර සම්බන්ධය මොකක්ද? බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමට මොහොතකට පෙර දෙසා වදාරන ලද්දේ ධර්මය නායකත්වයේ (ගුරුකමේ) තබාගන්න කියායි.
බුදුන් වහන්සේගේ නිර්මල බුදුදහම කිසිම දවසක විනාශ වෙන්නෙත් නෑ,විනාශ කරන්නත් බෑ.හැබැයි බුද්ධ ආගමේ ඉන්න කහා සිවුරු දාගත්තු සිවුරුකාරයෝ නම් මේ බුද්ධ ශාසනයට කරන හානිය සුළුපටු නෑ...දේශපාලුවන්ගේ අතකොලුවෙලා,හෙන්චයියලාවෙලා බඩ වඩාගන්න කරන විගඩං දැක්කම හරිම පිළිකුල්.
බේරාගන්න අවශ්‍ය දළඳා මාලිගාව පමණක් නෙවේ. තව බොහෝ තැන්වල සිද්ධවෙන හැම දෙයක් ගැනම ස්වාධීනව සොයා බැලුවොත් තමයි හොඳ. ඔය කොයි කාගේත් කිල්ලෝටවල හුණු පිරිලා උතුරලා යන තත්වයක් තියෙන්නේ. මේ යන විදිහට ලංකාවේ බුද්ධාගම තව අවුරුදු පනහක් වත් බේරිලා තිබුණොත් තමයි පුදුම. වැඩි දෙයක් ඕනෑ නැහැ. බලන්නකෝ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට වෙලා තියෙන දේ....
නිර්මල බුදුදහම හරියට පිළිපදින උදවිය වගෙයි කතාව. සෙට් එකම බයවෙලා ඉන්නේ කෙල වෙයිද කියලා. අපි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ... ඔය වගේ මාලිගාවල් රට වටේම හැදුවත්...
යූ ටියුබ් එකේ හොර රහතුන් වැහි වැහැලා.
ජෙප්පන්ට හොදටම රිදිලා වගෙයි කොමෙන්ට් වලින් පෙනෙන්නෙ. කහ ඝිවුඑු පොරෝ ගෙන ජෙප්පන්ට කඩේ යන කහ ඝිවුරු කාරයොනම් ටයර්වල යවන්න ඕන
දියවඩනේගෙන් මාළිගාවේ දේපලද, ඉහත සංඝයාගෙන් සහ දේශපාලන තැරැව්කාර සංඝයාගෙන් ධර්මයද බේරාගැනීමට පෙලගැසෙමු. දළදාව සහ ශ්‍රී මහා බෝධිය වෙන්දේසියේ දමා චන්ද එකතු කරන්නේ මොවුන්ය.
මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යථ්‍යාවට රැවටී මිලමුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බව ද........ හා මේකයි ප්‍රශ්නේ. බුදුදහමට නිගකරන කීදෙනෙක් ඉන්නවද. දැන්ද ඇස් ඇරුනේ.
බුද්ධාගමේ වටිනාකම දන්නා උදවිය ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගන්නවා.
මේ කියනකන් බොහෝ දෙනෙක් මේ හොර දළදා මාලිගාව ගැන දැනන් හිටියෙත් නෑ ඇත්තටම බුදු දහමට ලොකුම හානිය කරන්නෙ සිවුරු පොරෝගෙන ඉන්න බොරු චීවර ධාරියො බුදු දහමෙන් ඈත් වුන අති බහුතරයක් එහෙම කරන්න හේතුව භික්ෂුන්ගේ හැසිරීම, බුදු දහම පෙන්නල කරන ජඩ වැඩ මිනිස්සු නොකා නොබී හරි පන්සල් වල චීවර ධාරීන්ට සැප විඳින්න අඩුවට විදුලිය දෙමු.
මිනිස්සු බොරු දළදාවට කැමැත්තෙන් සල්ලි පුජා කරනවානම් ඒක නවත්තන්න පුලුවන්ද?
දැන් කාලයේ බොහොමයක් පන්සල් ආශ්‍රිතව තියෙන්නෙ මුදල් ඉපැයීම් මිස ආගමික කටයුතු නොවෙයි දායක සභාව නැහැ තියෙන්නෙ කාර්‍ය සාධක සමිති සභාපති ලොකු හාමුදුරුවෝ කරන්නෙ උන්නාන්සෙට ඕන දේවල් පමණයි දායක අදහස අහන්නෙ නැහැ එවැනි හේතු තියෙද්දි .බොහෝ බැතිමතුන් පන්සල් හා විහාරස්ථානයට යාමට කැමැත්ත නැහැ දේශපාලුවො පවා යන්නෙ අලුතින් ඇතිකල උමංනාවට හා විවිධාකාරයෙන් හදුන්වන අතීතයේ අන්‍යාගමික තාපසයින් හිටපු තැන් නමින් හදුන්වන අසපු හා මධ්‍යස්ථාන ආදියට පමණයි බුදු හිමියන්ට වඩා දෙවියන්ට ගැතිව කටයුතු කරන්න පුළුවන් තැනකටයි බෝධි පූජා කියලා තැනින් තැනට සිටුවා ගන්නා බෝගස්වලට වැදීම තමයි කරන්නෙ ඇත්තටම හාමුදුරුවෝ පමණක් නොවෙයි මිනිස්සු මන්ද බුද්ධිකයින් වෙලා කියලා හිතෙනවා මිනිස්සු මලක් පුදා නිවන් දකින්න හිතනවා.
බුදු දහමයි කුණු දතකට වැදීමයි අතර තියෙන සම්බන්දය මොකක්ද? ඔය සිද්ධාර්ථ බුදු වෙලා පිළිකුලින් බැහැර කල මළවුන් වැදීමම නේද? ලංකාවේ බෞද්ධයෝ හරිම හිගයි. නාමමාත්‍ර, ප්‍රතිරූපක බෞද්ධයෝ සහ උන්ගෙන් බද වඩාගන්නා නායක ගනින්නාන්සේලා මිස
සේපාල අමරසිංග කියන්නේ ජෙප්පෙක්. සේපාල පමණක් නොවෙයි, ටිල්වින් කියන ජෙප්පා ඇතුළුව ජෙප්පෝ රැල බුද්ධාගමට නිගරුවෙන ආකාරයේ ප්‍රකාශ කර තිබෙනවා . ඒ ප්‍රකාශ මම රැකගෙන තිබෙනවා. ටිල්වින් කියන ජෙප්පා ඉතිහායස අර්ථ දක්වන්නේ ලෙනින්ගේ කියන සිංහල පොතක් පෙරලලා. ජෙප්පෝ මෙරට කොමිනිස් රටක් කරන්නයි හදන්නේ . එක මෙරටේ ඉන්න ගොබ්බ සිංහලයෝ අවබෝධ කරගෙන නැහැ. ගොබ්බ සිංහලයෝ හිතන්නේ හෙට රට ජෙප්පන්ට ගියොත් අනිද්දා සිට රට සුඛිත මුධිත වෙනවා කියලා. අන්තිමට වෙන්නේ මෙරටෙන් බෞද්ධ ආගම සංස්කෘතිය නැතිවී රට හම්බකරණය වීමයි. එමනිසා සේපාලයා බෙල්ලෙන් අල්ලා වලත්ත කට අසූචිගොඩක උලන්න.
ඡන්දයට පොහොට්ටුවේ හොරුන් මැතිවරණ දැන්වීම් පල කිරීම ආරම්භ කර ඇත .(2020 මෙන් බුදු දහම,පන්සල් මුල් කරගනිමින් ) ජනතාව සිහි බුද්ධියෙන් නොරැවටී සිටින්න