IMG-LOGO

නිර්මල බුදු දහම - දළදා මාලිගාව බේරා දෙන්න

(ෂේන් සෙනෙවිරත්න)

දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින්  මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකොට තිබේ.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජනක සේනාධිපති නැමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කොට ඉදි කරමින්  පවතින බව අප වෙත දැනගන්නට ලැබී ඇත. මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යථ්‍යාවට රැවටී මිලමුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බව ද කරුණු අනාවරණය වෙමින් පවතී. 

එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ නැමැත්තකු බුදු දහමට හා ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවක් දක්නා ලැබේ .

මෙසේ බුදු දහමට හා ශාසනික චිරපැවැත්මට හානිකර වන අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාළිගා නිර්මාණය කරමින් මිත්‍යා මත ඉස්මතු කොට දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයන් බවත් බුදුදහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමානය .

 



අදහස් (22)

නිර්මල බුදු දහම - දළදා මාලිගාව බේරා දෙන්න

කසුන් Wednesday, 04 January 2023 04:34 PM

ඔය පැමිණිලිකරුවන්ගෙනුත් බුද්ධාගම බේරා ගන්නයි ඇත්තටම වෙලා තියෙන්නේ.

:       382       75

ganegodaWednesday, 04 January 2023 05:13 PM

කසුන්ට ගොඩක් පින්...! අපි අපේ බුදුදහම ආරක්ෂා කරගත යුතුයි.

:       171       39

SenakaWednesday, 04 January 2023 06:53 PM

ආ... ගනේගොඩ... කවදා ඉඳන්ද බෞද්ධ වුණේ..? ඇයි මෙච්චරකල් අදහන් හිටපු අය එපා වුණාද?

:       12       126

AsithThursday, 05 January 2023 01:23 AM

මෙහි කමෙන්ට් දමන ගනේගොඩ, ලුම්බිණි, ස්වාරම් වර්ම්, බද් රාණි, සේනානායක යන්නන් ක‍තෝලික බව ඔවුන් කීප වතාවක්ම ඔප්පු කර ඇත. අනිත් අයගේ කුනු ඇවිස්සීම ඔබේ ආගමේ ප්‍රථම රාජකාරිය බව දැන් නම් අපිට හොඳටම ඔප්පු වී ඇත.

:       1       2

ලුම්බිණි Wednesday, 04 January 2023 04:35 PM

ඒ එක්කම හාමුදුරුවරු කියාගෙන ඉන්න අයගෙනුත් නිර්මල බුදු දහම බේරලා දෙන්න කිව්වා නම් නේද වඩා හොඳ?

:       300       59

ganegodaWednesday, 04 January 2023 05:15 PM

ලුම්බිණි, ඔයාටත් ගොඩාක් පින්.., ගොඩක් ස්තුතියි...!

:       172       22

anura Wednesday, 04 January 2023 05:44 PM

දළදාව හා නිර්මල බුද්ධ ධර්මය අතර සම්බන්ධය මොකක්ද? බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමට මොහොතකට පෙර දෙසා වදාරන ලද්දේ ධර්මය නායකත්වයේ (ගුරුකමේ) තබාගන්න කියායි.

:       154       32

Jagath Wednesday, 04 January 2023 05:48 PM

බුදුන් වහන්සේගේ නිර්මල බුදුදහම කිසිම දවසක විනාශ වෙන්නෙත් නෑ,විනාශ කරන්නත් බෑ.හැබැයි බුද්ධ ආගමේ ඉන්න කහා සිවුරු දාගත්තු සිවුරුකාරයෝ නම් මේ බුද්ධ ශාසනයට කරන හානිය සුළුපටු නෑ...දේශපාලුවන්ගේ අතකොලුවෙලා,හෙන්චයියලාවෙලා බඩ වඩාගන්න කරන විගඩං දැක්කම හරිම පිළිකුල්.

:       160       43

siri Wednesday, 04 January 2023 05:48 PM

බේරාගන්න අවශ්‍ය දළඳා මාලිගාව පමණක් නෙවේ. තව බොහෝ තැන්වල සිද්ධවෙන හැම දෙයක් ගැනම ස්වාධීනව සොයා බැලුවොත් තමයි හොඳ. ඔය කොයි කාගේත් කිල්ලෝටවල හුණු පිරිලා උතුරලා යන තත්වයක් තියෙන්නේ. මේ යන විදිහට ලංකාවේ බුද්ධාගම තව අවුරුදු පනහක් වත් බේරිලා තිබුණොත් තමයි පුදුම. වැඩි දෙයක් ඕනෑ නැහැ. බලන්නකෝ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට වෙලා තියෙන දේ....

:       74       29

Bamunuaracchi Wednesday, 04 January 2023 05:54 PM

නිර්මල බුදුදහම හරියට පිළිපදින උදවිය වගෙයි කතාව. සෙට් එකම බයවෙලා ඉන්නේ කෙල වෙයිද කියලා. අපි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ... ඔය වගේ මාලිගාවල් රට වටේම හැදුවත්...

:       145       18

BamunuarachchiThursday, 05 January 2023 10:09 AM

නිර්මල බුද්දාගමින් උඹට වැඩක් නැහැ. ඒත් මෙරටේ බුද්දාගම බෞද්ධ සංස්කෘතිය තිබිය යුතුයි. ඊයේ පෙරේදා පහල උන පාහර ජෙප්ප්නට ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැත. සමහරුන්ට අඹුකමට වෙන ගැහැණියකුත් එකයි පුන්චිඅම්මත් එකයි. ඒ නිසා අපේ දරුවන්ට මේ ආගම සංස්කෘතිය රැකදිය යුතුවේ. කවුරුවත් නිර්මල බුද්ධාගමේද කියන එක ඔබේවත් මගේවත් ප්‍රශ්නයක් නොවෙයි.

:       2       3

podi mole Wednesday, 04 January 2023 08:09 PM

යූ ටියුබ් එකේ හොර රහතුන් වැහි වැහැලා.

:       3       28

Upali Wednesday, 04 January 2023 08:48 PM

ජෙප්පන්ට හොදටම රිදිලා වගෙයි කොමෙන්ට් වලින් පෙනෙන්නෙ. කහ ඝිවුඑු පොරෝ ගෙන ජෙප්පන්ට කඩේ යන කහ ඝිවුරු කාරයොනම් ටයර්වල යවන්න ඕන

:       2       2

පිටිගල මිලානෝ Wednesday, 04 January 2023 10:39 PM

දියවඩනේගෙන් මාළිගාවේ දේපලද, ඉහත සංඝයාගෙන් සහ දේශපාලන තැරැව්කාර සංඝයාගෙන් ධර්මයද බේරාගැනීමට පෙලගැසෙමු. දළදාව සහ ශ්‍රී මහා බෝධිය වෙන්දේසියේ දමා චන්ද එකතු කරන්නේ මොවුන්ය.

:       0       2

උපාසක Thursday, 05 January 2023 12:28 AM

මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යථ්‍යාවට රැවටී මිලමුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බව ද........ හා මේකයි ප්‍රශ්නේ. බුදුදහමට නිගකරන කීදෙනෙක් ඉන්නවද. දැන්ද ඇස් ඇරුනේ.

:       1       1

ranjith Thursday, 05 January 2023 04:10 AM

බුද්ධාගමේ වටිනාකම දන්නා උදවිය ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගන්නවා.

:       0       0

JagathS Thursday, 05 January 2023 07:36 AM

මේ කියනකන් බොහෝ දෙනෙක් මේ හොර දළදා මාලිගාව ගැන දැනන් හිටියෙත් නෑ ඇත්තටම බුදු දහමට ලොකුම හානිය කරන්නෙ සිවුරු පොරෝගෙන ඉන්න බොරු චීවර ධාරියො බුදු දහමෙන් ඈත් වුන අති බහුතරයක් එහෙම කරන්න හේතුව භික්ෂුන්ගේ හැසිරීම, බුදු දහම පෙන්නල කරන ජඩ වැඩ මිනිස්සු නොකා නොබී හරි පන්සල් වල චීවර ධාරීන්ට සැප විඳින්න අඩුවට විදුලිය දෙමු.

:       1       2

සක්‍රයා Thursday, 05 January 2023 07:54 AM

මිනිස්සු බොරු දළදාවට කැමැත්තෙන් සල්ලි පුජා කරනවානම් ඒක නවත්තන්න පුලුවන්ද?

:       2       1

උපාසක Thursday, 05 January 2023 09:02 AM

දැන් කාලයේ බොහොමයක් පන්සල් ආශ්‍රිතව තියෙන්නෙ මුදල් ඉපැයීම් මිස ආගමික කටයුතු නොවෙයි දායක සභාව නැහැ තියෙන්නෙ කාර්‍ය සාධක සමිති සභාපති ලොකු හාමුදුරුවෝ කරන්නෙ උන්නාන්සෙට ඕන දේවල් පමණයි දායක අදහස අහන්නෙ නැහැ එවැනි හේතු තියෙද්දි .බොහෝ බැතිමතුන් පන්සල් හා විහාරස්ථානයට යාමට කැමැත්ත නැහැ දේශපාලුවො පවා යන්නෙ අලුතින් ඇතිකල උමංනාවට හා විවිධාකාරයෙන් හදුන්වන අතීතයේ අන්‍යාගමික තාපසයින් හිටපු තැන් නමින් හදුන්වන අසපු හා මධ්‍යස්ථාන ආදියට පමණයි බුදු හිමියන්ට වඩා දෙවියන්ට ගැතිව කටයුතු කරන්න පුළුවන් තැනකටයි බෝධි පූජා කියලා තැනින් තැනට සිටුවා ගන්නා බෝගස්වලට වැදීම තමයි කරන්නෙ ඇත්තටම හාමුදුරුවෝ පමණක් නොවෙයි මිනිස්සු මන්ද බුද්ධිකයින් වෙලා කියලා හිතෙනවා මිනිස්සු මලක් පුදා නිවන් දකින්න හිතනවා.

:       1       2

Naleen Thursday, 05 January 2023 09:43 AM

බුදු දහමයි කුණු දතකට වැදීමයි අතර තියෙන සම්බන්දය මොකක්ද? ඔය සිද්ධාර්ථ බුදු වෙලා පිළිකුලින් බැහැර කල මළවුන් වැදීමම නේද? ලංකාවේ බෞද්ධයෝ හරිම හිගයි. නාමමාත්‍ර, ප්‍රතිරූපක බෞද්ධයෝ සහ උන්ගෙන් බද වඩාගන්නා නායක ගනින්නාන්සේලා මිස

:       3       1

Bamunuarachchi Thursday, 05 January 2023 10:02 AM

සේපාල අමරසිංග කියන්නේ ජෙප්පෙක්. සේපාල පමණක් නොවෙයි, ටිල්වින් කියන ජෙප්පා ඇතුළුව ජෙප්පෝ රැල බුද්ධාගමට නිගරුවෙන ආකාරයේ ප්‍රකාශ කර තිබෙනවා . ඒ ප්‍රකාශ මම රැකගෙන තිබෙනවා. ටිල්වින් කියන ජෙප්පා ඉතිහායස අර්ථ දක්වන්නේ ලෙනින්ගේ කියන සිංහල පොතක් පෙරලලා. ජෙප්පෝ මෙරට කොමිනිස් රටක් කරන්නයි හදන්නේ . එක මෙරටේ ඉන්න ගොබ්බ සිංහලයෝ අවබෝධ කරගෙන නැහැ. ගොබ්බ සිංහලයෝ හිතන්නේ හෙට රට ජෙප්පන්ට ගියොත් අනිද්දා සිට රට සුඛිත මුධිත වෙනවා කියලා. අන්තිමට වෙන්නේ මෙරටෙන් බෞද්ධ ආගම සංස්කෘතිය නැතිවී රට හම්බකරණය වීමයි. එමනිසා සේපාලයා බෙල්ලෙන් අල්ලා වලත්ත කට අසූචිගොඩක උලන්න.

:       2       2

mahesh perera Thursday, 05 January 2023 10:09 AM

ඡන්දයට පොහොට්ටුවේ හොරුන් මැතිවරණ දැන්වීම් පල කිරීම ආරම්භ කර ඇත .(2020 මෙන් බුදු දහම,පන්සල් මුල් කරගනිමින් ) ජනතාව සිහි බුද්ධියෙන් නොරැවටී සිටින්න

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site