(අංජුල මහික වීරරත්න)
මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන් රජයෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සාධාරණ මිලකට ගොවීන්ගේ වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ද සහන සැලසූ පසුව ඕනෑම මොහොතක මැතිවරණ පවත්වා ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.
මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර ලක්ෂ 8ක වී වගා කර තිබෙන අතර පසුගිය යල කන්නයේදී හෙක්ටයාර් පන්ලක්ෂ 12,000 ක වී වගා කර තිබෙන බව කී අමාත්‍යවරයා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන පරිදි එම වී මිලදී ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී තිබෙන බව සඳහන් කළේය.
වී මිලදී ගැනීම වැනි ප්‍රමුඛතා කාර්යයක් තිබියදී ඡන්ද පවත්වන්නැයි විපක්ෂය කියමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වීමට යන රුපියල් බිලියන 10 ක මුදල වී මිලදී ගැනීම සඳහා ලබා දුන්නොත් සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී ගැනීමට රජයට හැකියාව ලැබෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මැතිවරණ ඉල්ලන්නේ ජනතාව නොව දේශපාලන පක්ෂ බව කී අමාත්‍යවරයා ජනතාව ඉල්ලන්නේ ජීවන වියදම අඩු කිරීම බවද රජයේ අරමුණ වන්නේ ජනතා ඉල්ලීම ඉටු කිරීම බව ද බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්, ඔයාලා වගේ බත්කන හරකුන්ට ඡන්දයක් අවශ්‍ය නැහැ තමයි.
ඔබතුමාගේ කණ්ඩායමේ අපේක්ෂකයින් මැතිවරණය සඳහා වියදම් කිරීමට බලාපොරොත්තුවන මුදල වී මිලදී ගැනීමට යොදවන්නැයි පක්ෂයට යෝජනා කරන්නකෝ ඇමැතිතුමා...!
ඊට වඩා හොඳ නැද්ද රටටම බරක් වෙච්චි දේශපාලුවන්ගේ අනවශ්‍ය වියදම් කපා හැර, ඒ මුදල්වලින් වී මිලදී ගැනීම...
ඡන්දෙ කියනකොට මෙයාලගේ සරම තෙමෙනවා...
වරෙන්කෝ හම්බන්තොටට....!
ගොවීන්ව අමාරුවේ දාන්නත් ඕනෑ නැහැ. ඡන්දයත් කල් දාන්නත් ඕනෑ නැහැ. වී මිලදී ගන්නවත්, ඡන්දය තියන්නවත් ඕනේ ලංකාවේ මුදල් නෝට්ටු මිස ඩොලර්වලින් නොවේ. ඒ නිසා මෙච්චර කල් මුදල් අච්චු ගැහුවා වගේ මේවාටත් ගහන්න...
69 ලක්ෂය තණකොළ කන මිනිස්සු එකතුවෙලා පරපුරක් රජකරවලා මේ රට ගොඩ එන්න බැරි වලකට දැම්මා. නැවතත් 135ක් ඔහේ වගේම ජනමතය පාර්ලිමේන්තුවේදී විකෘති කළා. ඒ විකෘතිය නැති කරන්න ඡන්දයක් අත්‍යාවශ්‍යයි...
මැතිවරණවලට මුදල් නැත්නම් දියවන්නාවේ ගවමඩුව වසා දමන්න. ඕක තිබ්බත් මේ රටට කිසි ප්‍රයෝජනයක් නෑ. බොරු වියදමක් විතරයි...
මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ වගේ කට්ට කයිරාටික දේශපාළුවෝ නම් නැවත වරක් පාර්ලිමේන්තුවට එවන්න එපා.
මේ වගේ බත් කන්නම බලාගෙන ඉන්න හරක් පත්කරගත්තම මේ වගේ ගොන් කතා තමා කියන්නේ.
අපි පරදියි කියල බය වෙලා එහෙම නෙවයි මෙහම කියන්නේ, හරිය.
ඔයිට වඩා හොඳ නැද්ද අමරේ මැදමුලන හොර නඩය සොරකම් කළ ධනයෙන් 10%ක් ආපසු ඉල්ලුවොත් වසර කීපයක් මුළු ලංකාවටම කන්න දෙන්න...
විලි ලැජ්ජාවක් තියේනම් මෙවැනි ගොන් කතා කියාවිද ?දුෂණයෙන් රට බංකොලොත් කරලා එම කණ්ඩායම තවත් රට අල්ලාගෙන ඉන්න කුරුමානම් අල්ලන්නේ .දැන් අමුතු පොතක් චන්දයට සල්ලි නෑ කිය කියා දිගටම වංචා ,දූෂණ කරන්න තමා මේ දඟලන්නේ