
(අංජුල මහික වීරරත්න)
ලෝක ජනාවාස දින 2026 සැමරුම නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පාපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම පාපැදි සවාරිය හෙට(4)දඹුල්ලෙන් ආරම්භ කර අනිද්දා (5) හෙවත් ජනාවාස දිනයේදී අරලියගහ මන්දිරය අසලන් අවසන් කිරීමට නියමිතය.
සමාප්ති අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙයි.
හෙට(4) දඹුල්ල නගරයෙන් පෙ.ව. 7.30ට පාපැදි සවාරිය ආරම්භ කර ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල හරහා නිට්ටඹුව නගරයෙන් තරඟය අවසන් කිරීමට නියමිතව ඇත. ඒ සඳහා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා හා දඹුල්ල නගර සභාවේ නගරාධිපති මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහභාගී වේ.
සවාරියේ දෙවන අදියර 5 වැනිදා පෙ.ව. 6.30ට නිට්ටඹුව නගරයෙන් ආරම්භ කර යක්කල, මිරිස්වත්ත, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ, ගාමිණී හෝල්, ලේක් හවුස් වටරවුම, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අරලියගහ මන්දිරය අසලින් අවසන් කිරීමට නියමිතව ඇත.
මෙම සවාරිය ශ්‍රී ලංකා පොලිසියේ ප්රමුඛ පාපැදි ධාවකයින් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ප්රමුඛ ධාවකයින්ගේ සහභාගීත්වයෙන් සිදු වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd