(එම්.සුසිල් පියන්ත)

ඉඳුරුව අකාඩිගොඩ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කළ බවට  තොරතුරු අනාවරණයවූ බව කොස්ගොඩ පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සිය පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යැවූ බව කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් කීවේය.

මෙම ප්‍රදේශයේ නිතර සිදුවන වෙඩි තැබීම් සම්බන්ධයෙන් විමර්ශනයට කොළඹින් විශේෂ  පොලිස් කණ්ඩායමකින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වෙඩි තබා ඇත්තේ කවුරුන්ද යන්න  නිශ්චිතව අනාවරණය නොවූ බව පොලීසිය කියයි.