
(එම්.සුසිල් පියන්ත සහ ගයාන් සූරියආරච්චි)
ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක්මත වැටලීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන්ට පාතාල ක්‍රියාකාරුවන් දෙදෙනකු වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා ළඟ තිබී බවුනින් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් ඒවාට දැමිය හැකි උණ්ඩ 15 සොයා ගත් බවද පොලීසිය කියයි.
අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි වැදුණු තැනැත්තා ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.
ඉඳුරුව අකාඩිගොඩ පදිංචි දෙදෙනකු ගිනි අවි ඇතුලු ආයුද අතැතිව යම් අපරාදයක් සිදු කිරීමට සූදානම් වෙමින් සිටිනා බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම නිවස වැටලීමේදී සැකකරුවන් දෙදෙනා ඒ අවස්ථාවේදී අතතැතිව සිටි ගිනි අවියකින් වෙඩි තැබීමට සූදානම්වූ අවස්ථාවේදී එම නිවස වැටලීමට ගිය වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ඔවුනට වෙඩි තබා ඇති බවත් එහිදී එක් අයකුගේ කකුලට වෙඩි වැදුණු බවත් පොලීසිය කියයි.
ඒ අවස්ථාවේදී සැකකරුවන් පලා යෑමට දැරූ උත්සහාය ව්‍යාර්ථ කරමින් වෙඩි වැදුනු අය මෙන්ම අනෙක් අයුද අල්ලා ගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය , අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී බුද්ධික කෝදාගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොස්ගොඩ පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd