“සප්‍රයිස්“ කරන්න ගිහින් බලු තඩියෙක් කාලා නෝනයි දරුවනුයි පුදුම කරවන්න නොකියාම රට ඉඳන් ආ අයකුට පුදුම වෙන්න සිදුවූ අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 19 September 2025
උකස් බඩුවට අහු වී යකෙක් වෙලා උකසට ගෙන නියමිත කාලයේ දී බේරා නොගැනීම නිසා සින්න වූ රූපවාහිනී යන්ත්‍රයක් වෙනත් අයකුට අලෙවි කිරීමට පෙර එය කාර්මිකයකු ලවා සිදුකළ පරීක්ෂාවකින් පසුව යක්ෂාවේෂ වූ බව කියන එහි නව හිමිකරු එය තමන්ට උකස්කළ පුද්ගලයා සොයා ගොස් ඔහු ඉදිරිපිටදීම අදාළ රූපවාහිනි යන්ත්‍රය කෑලි කෑලිවලට කුඩුපට්ටම් වනසේ පොළොවේ ගසා ආපසු පැමිණි පුවතක් උතුරුමැද පළාතේ ගොවි ජනපදයකින් පසුගියදා අසන්නට ලැබුණි. 18 September 2025
ඉත්තෑවා වලසකු වෙලා ගමම කුලප්පු වෙලා තම නිවෙසේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවේ වලසකු සැරිසරන දර්ශන දැක ඇති පුද්ගලයකු එහි පින්තූර නිවැසියන්ට හා අසල්වැසියන්ට පෙන්වීමෙන් මුළු ගමක්ම කුලප්පු වී ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 17 September 2025
මුද්ද සොයන්න කුණුවළම “රයිසියෙන්” හලලා ගෙමිදුලේ නැතිවූ කාන්තා මංගල මුදුවක් සොයා මුළු කසළ වළක් වැලි හලන රයිසියකට දමා මංගල මුදුව සෙවූ තරුණ අඹුසැමියන් පිළිබඳ පුවතක් වයඹ පළාතේ උතුරු කොනේ ගම්මානයකින් පසුගිය දිනක අසන්නට ලැබුණි. 16 September 2025
කජු ලෙලි පිටින් කාලා ඇය පුහුලන් කජු වැවෙන ප්‍රදේශයක ජීවත් වන තැනැත්තියකි. ඇගේ මිතුරියක් දුර බැහැර ප්‍රදේශයක ජීවත් වෙයි. කජු පුහුලන් හට ගන්නා සමයේ තම මිතුරිය බලන්න යන්න ඇයට සිතිනි. ඒ අනුව ඉදුණු පුහුලන් සහ කජු ඇට ටිකක් බෑගයකට දමා ගෙන ඇය මිතුරිය බලන්නට ගියාය. 15 September 2025
“ගංගා“ හීනෙන් පෙනී බිරිඳගෙන් ගුටි කාලා හීනෙන් ගංගාවක් ගැන දොඩවා මහ රෑ අඹුවගෙන් ගුටි කා නිවසින් යාමට සිදුවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 13 September 2025
අමුතු තාලේ කෙහෙල් කැපිල්ලක් කෙසෙල් ගස කපා එහි කැන කපාගැනීම සාමාන්‍ය සිරිත වුවත් සොරකු විසින් ගස තිබියදී කැන කපාගෙන ගොස් ඇති පුවතක් ගැන පසුගියදා දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් තොරතුරු වාර්තා විය. 12 September 2025
බිරිඳගේ බෝතලයෙන් කූඩුවේ ලගින්න වෙලා.... අරාබි රටක රැකියාවක නියුතුව සිට පැමිණි බිරිඳ විසින් රැගෙනවිත් තිබුණු රට අරක්කු බෝතලයක් මහ රෑ පානය කර වෙරි පෙන්නූ පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. වාර්තා වූ ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේය. 11 September 2025
පැකට්ටුව පිච්චී දෙලෝ රත්වෙලා ගෙහිමි කතගේ මහ පාර පිසදැමීමෙන් කොල්ලන් දෙදෙනකු පිස්සු වැටුණු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. හද්දා පිටිසර ගමකි. මත්ද්‍රව්‍ය මේ ගම ගිල ගැනීමට සැරසෙමින් සිටියේ ඊයේ පෙරේදා සිටය. ගමේ කොල්ලන් එකෙක් දෙන්නකු හැර අනෙක් කොල්ලෝ තවමත් ශුද්ධ වන්තයෝ වූහ. ගමේ වැඩිහිටියන්ගෙන් බොහෝමයක් අනුන්ගැන සිතනා අයද වූහ. බොහෝ අය සත් කාර්යන්වල නිරතවූහ. 10 September 2025
ණය හිලව්වට කෑම බීම අඩුකරලා විවාහ මංගල්‍යයට ගත්තු ණය පඩියෙන් වැඩි කොටසක් බැංකුවට අයකර ගැනීම හේතුවෙන් කෑමට බීමට අවශ්‍ය බඩු මුට්ටු රාජ්‍ය සේවයේ නියුතු සැමියා රැගෙන එන්නේ නැතැයි පවසා ආපසු මව්පියන් ළඟට ගොස් ඇතැයි කියන අපූරු මනාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 09 September 2025
මාමණ්ඩිට හොල්මන් පෙන්නා ලේලියට වැඩ වැරැදිලා වයස්ගත මාමණ්ඩිය නිවෙසින් එළවන්න ගිය ලේලියකට නිවෙසින් යන්න සිදු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්න ලැබේ. මහගෙදරය. සිටියේ පවුලේ බාලයා සහ ඔහුගේ භාර්යාව සහ ඔවුන් දෙදෙනාගේ එකම පිරිමි දරුවාය. මහගෙදර ඔවුනට ඉන්න හිටින්න ලැබුණේ පියා බලාගැනීමේ පොරොන්දුව මතය. බඩපිස්සා පියා හොඳින් බලාගත්තේය. ඔහුව අනුගමනය කරමින් ඔහුගේ භාර්යාව ද මාමණ්ඩියට කිසිදු අඩුවක් නැතිව සැලකුවේය. 08 September 2025
පෙම්වතියයි සිතා කළුවරේ ආච්චිගේ අත ගාලා පෙරහර බලන්න ගිය පෙම්වතකුට සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. ඔහු ගමේම තරුණියක හා පෙමින් බැඳුණේය. ඒ මේ ඊයේ පෙරේදාය. කාටත් හොර රහසේය. මේ ප්‍රේම සම්බන්ධය දන්නේ කිහිපදෙනකු පමණි. තරුණයාගේ කිට්ටුම සමීපතමයන් පමණි. දුරකථන කෙටි පණිවිඩ කිහිපයක් පමණක් හුවමාරු වුණත් දෙන්නා එකට හමුවී කතා කර ඇති අවස්ථා නොමැති තරම්ය. ඒ නිසා දෙන්නාම සිටියේ එකට හමුවන දිනයක් එන තුරු ඇඟිලි ගැණ ගැණ ය. 06 September 2025
අනියම් පෙමේ උපාය එළීයට පැන ගෙටම කොටු දෑවැද්දට කරගහගත්ත බිරිඳගේ අවලස්සන නිසා ඇතිවූ අසීරුතාව මගහරවා ගැනීමට තමාට රූප රාජනියක් වැනි අනියම් බිරිඳක් සිටී යයි පෙන්වීමට යෙදු උපක්‍රමය ඔහුගේ අතින්ම හෙළිවී නිවසින් එළියට බැසීමට නොහැකිවූ අයකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. ඔහු පවුලේ එකා ය. එකා යකා නොවුණු ඔහුට ලොකු බූදලයක් හිමිවූවේ දෙමාපිය උරුමයෙනි. දෙමාපියන් මෙන්ම ඔහු දේපළවලට ආශා කළේය. ඒ නිසාම ඔහු සහේට ගත්තේද ලොකු දෑවැද්දක් සමග මනාලියකි. මනාලියගේ රූප ස්වභාවය නොතැකූ ඔහු තැකූවේ දෙන 06 September 2025
මායාවකට තරුණයා ඇන්දිලා අම්පාර නගරයේ සිට තරමක් ඈතින් ඇති උපනගරයක පිහිටි රාජ්‍ය බැංකුවක් අසල බස් මගී ආවරණයක් ඇත. උදෑසන 9-00 ට පමණ එහි වාඩි වී සිටි රූමත් තරුණ කාන්තාවක හඬමින් සිටින අයුරු එතැනින් ගමන් කළ යතුරුපැදියේ සිටි තරුණයකු දැක ඇති අතර ඔහු බැංකුවට ගොස් නැවත ඇය සිටි තැනට ආවේ ඇය කෙරෙහි සහකම්පනයක් ඇතිවී මෙනි. උපකාරයක් කිරීමේ අදහසින් ප්‍රශ්න කිරීමේදී මෙම කාන්තාව යාබද කොලණියක පදිංචිකාරියක බව ඔහුට පැවසුවාය. “ඇයි මොකක්ද ප්‍රශ්නේ ?” කියමින් ඔහු ඇය සමඟ තව දුරටත් කතාවට වැටී 06 September 2025
උදවු නොකලාට රිටන් එක ඇවිත් මිනිස්කම ගිලිහි ගිය අයකු අසරණ වූ අවස්ථාවේදි පිහිට විය හැකි අය අහක බැලූ පුවතක් මාතලේ ඉසව්වෙන් අසන්නට ලැබුණි. ඔහු ගුරුවරයෙකි. මාතලේ ඉසව්වේ පාසලක සේවය කරන අයෙකි. දිනක් ඔහු හදිසියේ කුරුණෑගලට පැමිණියේය. ඒ වෙනත් අවශ්‍යතාවක් සඳහාය. ඔහු එම කාරිය කරගෙන ආපසු යාමට බස් රථයක් එන තුරා කුරුණෑගල - දඹුල්ල පාරේ අතරමඟ රැඳී සිටියේය. බොහෝ වේලාවක් ගතවිය. බස් රථයක් නැත. ඒ අතරවාරයේ කාර් එකක් ආවේය. එය ඔහු අසල නතර කෙරුණි. ‘‘මහත්තයා මාතලේට යන්නේ කොහෙන්ද?” ‘‘ඔයාලා ඉබ්බා 06 September 2025
පියාගේ තුන්මාසේ පින්කම දා මිනීවල ලග මත් සාදයක් දාලා පියාගේ තුන්මාසේ පින්කම ලොකු පුතා මහගෙදර නිවසේ පවත්වන අතරේ බාලපුතා එය තම මිතුරන් පිරිසක් සමග පියාගේ මිනීවළ ළඟ සැමරූ බව කියන පුවතක් වයඹ පළාතේ එක්තරා ගමකින් පසුගිය දා අසන්නට ලැබුණි. මත්වතුර සාදයක්වූ බව කියන එය ශබ්ද පූජාවකින් තොරව රහසිගතව පැවැත්වීමට සංවිධානය කෙරුණ ද අවසානයේ වෙරි සොරිවූ බවත් කියති. මේ පිළිබඳව වැඩිදුරටත් ලද තොරතුරුවලට අනුව දූදරුවන් පිරිසකගේ පියෙකු වූ මියගිය තැනැත්තා කෘෂිකර්මයට සම්බන්ධව සිටි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. තුන්මසකට පෙර 06 September 2025
දූරියන් හොරෙන් කඩන්න ඇවිත් කැමරාත් ගලවාගෙන ගිහින් තම ගෙවත්තේ දූරියන් ගසෙහි දූරියන් ආරක්ෂා කිරීම සඳහා යෙදු උපක්‍රමයක් අසාර්ථක වීමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් ඉකුත් දා වාර්තා විය. මේ දිනවල මහනුවර හා අවට ප්‍රදේශවල දූරියන් සඳහා ඉහළ මිලක් පවතින අතර, ඒ හේතුවෙන් දූරියන් ඇති පුද්ගලයන් ඒවා සතුන් සහ මිනිසුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විවිධ උපාය මාර්ග යොදා තිබේ. 06 September 2025
කුකුළු මස් හොද්දේ පෙරේතකමෙන් කෑම මේසයම ඌරු කෑම වෙලා ගෙදර කොටහළු මංගල දිනයක දවල් කෑම මේසයේ කුකුළු මස් ව්‍යංජනය ගම්වාසීන්ගෙන් ඉතුරු කර ගැනීමට ගොස් කෑම බොහොමයක් පොළොවට පස් වීමට වැළලීමට සිදු වූ පුවතක් අනුරාධපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. 05 September 2025
බැංකු කාඩ් එකෙන් අනියම් පෙම හබක් වසරකට අධික කාලයක් අසල්වැසි කාන්තාවක සමඟ ඉතා හොර රහසේ පවත්වාගෙන ආ බව කියන සැමියාගේ අනියම් පෙමක් බැංකු කාඩ් පතකින් බිරියට අනාවරණය වූ සිදුවීමක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 04 September 2025
පියාගේ සායම හේදී ලේලිගේ කට වැහිලා පියාට නිදා ගැනීමට පැදුරක් දුන්නා යැයි නැන්දම්මාට දොස් පවසා ඇති ලේලියකගේ කට වැහෙන්න උත්තර දී ඇතැයි කියන අපූරු කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 03 September 2025
කම්මැලිකමට බිරිඳගෙන් යස පාඩමක් තාත්තලා තම දරුවන් බස් එකට කෝච්චියට ගෙනත් ඇරලනවා අපි දැක තිබුණ ද හොඳට අතපය ඇති ඇස් පේන කන් ඇහෙන නිරෝගී තාත්තා කෙනකු දරුවන් විසින් දිනපතා කෝච්චියට ගෙනැත් ඇරලන සිද්ධියක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි. වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය. 02 September 2025
සත්ව කරුණාව ආපස්සට කැරකිලා පත්තෑයාට අභය දානය දීමට යෙදූ උපක්‍රමයෙන් දින ගණනාවක්ම වේදනාවෙන් කල් ගෙවන්න වූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. හොඳ උපාසකයෙකි. හතර පෝයටම සිල් ගනියි. කාටවත් කරදරයක් හිරිහැරයක් නැති කෙනෙකි. එදා නිවසට ආවේ ලොකු පත්තෑයෙකි. දරුවන් සතා මරන්න හැදුවත් ඔහුට සත්ව කරුණාව මතු වූවේය. එනිසා පත්තෑයා අල්ලා කැලයට දැමීමට ඔහු අපූරු උපක්‍රමයක් කල්පනා කළේය. ඔහුට අදහසක් පහළ විය. 01 September 2025
කයිය ගසා සොහොනට ගිහින් පණ එපා කියා දුවලා අසල්වැසි නිවසේ මළ ගෙදර පැමිණ තමා හොල්මන්වලට බය නෑ යි පුරාජේරූ ගසා ගමේම ලැජ්ජාවට පත් වූ මහත්මයකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි. 29 August 2025
කළුපොල් මාලුවට පොල් හොයලා කළුපොල් මාළු පිසින්න කළුපොල් ගෙඩියක් සොයන්න ගම වටේ ගිය තරුණයකු පිළිබඳ පුවතක් නාවලපිටියට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 28 August 2025
දූරියන් ගෙඩියෙන් මට්ටු වෙලා හොරෙන් දූරියන් ඇහිඳීමට ගිය පුද්ගලයකුට සිදු වු අකරතැබ්බයක් පිළිබඳ පුවතක් මාතර දිසාවේ මොරවක් කෝරලයේ ගමකින් අසන්නට ලැබේ. අධික මිලකින් මෙන්ම රසවත් බවින් යුත් ආහාරයක් වන දූරියන් ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ දුර්ලභ පලතුරකි. මෙහි රසවත් බව නිසාවෙන් සමහර අය මෙයට දක්වන්නේ දැඩි ගිජු කමකි. අවිවාහක පුද්ගලයකු වු ඔහු ස්ථිර රැකියාවක් නොකළ අතර අනුන්ගෙන් ඉල්ලා ගැනීම සහ අන්සතු දෑ සොරකම් කිරීමද පුරුද්දක් කර ගෙන තිබුණි. පොල්, පුවක් වැනි දෑ මෙන්ම පලතුරු වර්ගද ගෙහිමි 27 August 2025
සුද්දා අන්දන්න ගිහින් නාගෙන සංචාරකයා අන්දන්න ගොස් නාගත් හෝටල් හිමියකු පිළිබඳ කතාවක් දකුණේ ප්‍රධාන නගරයකින් අසන්න ලැබේ. අලුත් මාලු, අලුත් ඉස්සන් තමන්ගේ හෝටලයෙන් විදෙස් සංචාරකයන්ට දෙන බවට ප්‍රසිද්ධ හෝටලයකි. විශේෂයෙන්ම පොකිරිස්සන් සුද්දන්ට කෑමට දෙන හෝටලයක් කීවොත් එය වඩාත්ම නිවැරදිය. පොකිරිස්සෝ පණ පිටින් හෝටලයේ ටැංකියක සිටිති. සුද්දා පෙන්වන පොකිරිස්සා පරිභෝජනයට ලබාදීමට ද ප්‍රසිද්ධය. 26 August 2025
බුලත් කොටුවට පැන්න උපාසක අම්මාගේ රෙදි ගැලවිලා බුලත් විට කෑමට කාලයක සිට අසල්වැසි නිවසක බුලත් කොටුවකින් රාත්‍රි බුලත් කොළ කඩමින් සිටිය දී නිවැසියන්ට අතේ මාට්ටු වී ඇතැයි කියන උපාසක අම්මා කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තාවෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 25 August 2025
දුවගේ දරුවන් බලාගන්න ආ කතක එක්ක සීයා පැන ගිහින් දියණියගේ දරුවා බලාගැනීම සඳහා නිවසට පැමිණ සිටි වැඩිහිටි දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඥාති කාන්තාවක හා පෙමින් බැඳුණු හැටපස් හැවිරිදි පියකු ඈ හා පවුල් කෑමට වෙනත් ප්‍රදේශයකට පලාගිය පුවතක් ගැන දකුණු පළාතේ නගරයකින් පසුගිය දා වාර්තා විය. 23 August 2025
හාම් පුතාත් එක්ක බල්ලාත් බසයේ ගිහින් කාන්තාවක සමග බල්ලෙකු ද මගී බස් රථයකට ගොඩවීම නිසා එහි ඇතිවීමට ගිය අලකලංචියක් වළක්වා ගැනීමට අදාළ කාන්තාවට සිය ගමන පසෙකලා බල්ලා ද සමග බස් රථයෙන් බැසීමට සිදු වූ පුවතක් පසුගියදා වයඹ පළාතේ ප්‍රධාන නගරයකට කිලෝ මීටර් තිස්පහක් පමණ දුරකින් පිහිටි ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වීය. එම වාර්තාවට අනුව අදාළ කාන්තාව සිය නිවසේ ඇති දැඩිකරන මෙම බල්ලා ඇය පසුපසින් පැමිණ ඇයටත් හොරෙන් මෙසේ බස්රථයට ගොඩවී ඇති බවත් මෙහිදී අනාවරණය විය. 23 August 2025
ජොලි කරන්න ගිහින් අම්බානට ගුටි කාලා මසකට වතාවක් ගමට පැමිණ මහ හයියෙන් ගමටම ඇහෙන්න ගීත ප්‍රචාරණය කරන නිසා ගමේ ඈයොන්ගෙන් හොඳ ගුටි පූජාවක් කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් වලපනේට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. සිදුවීම නම් මෙසේය. ඔහු වයස 30 ඉක්ම වූ තරුණ වියත් මැදි වියත් අතර සිටින්නෙකි. රැකියාව වශයෙන් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක රියදුරකු වශයෙන් සේවය කර ඇත. ඔහු විවාහකයකු නොවන අතර තම මහලු මව සමඟ වාසය කර ඇත. මසකට වතාවක් රැකියාවේ නිවාඩුවට පැමිණෙන මොහුට ගම්වාසීන්ට කරදරකාරී පුරුද්දක් තිබී 23 August 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025