කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
උත්සවයක් පැවති රාත්‍රියේ ලොකු හෝටලයක් ආසන්නයේ මග රැක සිට බීමත් රියැදුරන් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරියකුට කවදාවත්ම නොවූ අලි අැබැද්දියකට මුහුණදීමට සිදුවූ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
අදාළ ඉහළ පොලිස් නිලධාරීන් නිරන්තරයෙන්ම රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් පොඩ්ඩන්ට පවසනුයේ බීමත් රියදුරන් වටලන ලෙසය. එසේ නොමැති වුවහොත් ඔවුනට සිදුවනුයේ ඊළඟ දිනයේ හිමිදිරි පාන්දරම ඉහළින් කුණු බැණුම් අසා රාජකාරී ආරම්භ කිරීමටය.
අද කීයක් බීමත් රියදුරන් වැටලුවාද යන්න අසා, “මේ මදි” යයි කියා පහළට ඉහළින් බනිනුයේ ද හිමින්ම නොවන නිසා මේ නගරයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීහු රාත්‍රි කාලයේ බීමත් රියදුරන් වැටලීමට අපූරු උපක්‍රමයක් භාවිත කරමින් සිටිති.
ඒ සිය නගරයේ රාත්‍රි කාලයේ පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ පැවැත්වෙන හෝටල් සහ උත්සව ශාලා හඳුනාගෙන ඒවා ආසන්නයේ මාර්ගයේ රැක සිටීමටය.
එදිනද රෑ ලොකු හෝටලයක උත්සවයක් පැවතියේය. සුපුරුදු පරිදි එම හෝටලය සමීපය මාර්ගයේ රථ වාහන රාජකාරියේ යෙදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. මධ්‍යම රාත්‍රියට හෝරාවක් පමණ තිබියදී ජැන්ඩියට ඇඳ පැලඳගත් අයකු යතුරු පැදියකින් හෝටලයෙන් පිටට එමින් සිටියේය. ඒ ආසන්නයේ රැක සිටි පොලිස් නිලධාරීහු ඔහුට යතුරු පැදිය නතර කරන ලෙස සංඥා කළහ. ඒ අනුව ඔහු යතුරු පැදිය නතර කළේය.
එහිදී එක් පොලිස් නිලධාරියෙක් ඔහුගේ කට ආසන්නයටම සිය මුහුණ කිට්ටු කළේය. හා මහත්තයා කොහේද ගියේ යයි නිලධාරියා ඇසුවේය. ඒ එක්කම ඔහුගේ නාසයෙන් හොටු කන්දරාවක් සමග කිවිසුම් වැලක් කඩා පැන්නේ පොලිස් නිලධාරියාගේ මුහුණ සොටු වලින් නහවමිනි. අනේ සොරි සර් මම නම් බොන්නේ නැහැ. මට තදේට පීනස තියෙනවා. අද තිබුණු හෝටලයේ ඒසී එකත් වැඩියි. ඒ මදිවට මම පෙරේත කමට අයිස්ක්‍රීම්, ජෙලි කෑවා. දැන් වෙලාව රෑ දොළහත් නිසා පීනසේ කිවිසුම් යන්න පටන් ගත්තේ දැන් තමයි. මට ලේන්සුවක්වත් ගන්න වෙලාවක් තිබුණේ නැහැනේ යයි ඔහු කිවිසුම් අරිමින්ම කිව්වේය.
ඔහුගේ කිවිසුම් සොටුවලින් නෑවුණු පොලිස් නිලධාරියා තමාගේ මුහුණ පිසදමමින් සිටිනා අතරේ අනෙක් නිලධාරියා යතුරු පැදිකරුගේ ලියකියවිලි ටික පරීක්ෂා කොට අඩුපාඩුවක් නොමැති බැවින් ඔහුට යෑමට අවසර දුන්නත් ඔහු ඊට පසු දින සිය රාජකාරි ස්ථානයේදී මේ සිදුවීම රස කර කර කීවේ අනෙක් නිලධාරීන්ගේ ඊට ලැබුණු සහයෝගයද උදව්වක් කර ගනිමින්ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd