අසනීප තත්වයක් සුව කරගැනීම සඳහා රත්ත්රන් පූජාවක් කර ගත් යාගහෝමයක සිද්ධියකින් මාලයක් අහිමිවී ණය වූ කාන්තාවක ගැන, ගොම්බද්දල ගමෙන් අසන්නට ලැබුණ කථාව මෙසේය.
තරුණ කාන්තාවක් විවාහ වී වසර ගණනාවක් ගෙවී ගියද දරු උපතක් නොලද නිසාත්, පවතින රෝගී තත්වයකින් පීඩා විඳීම සුවකර ගැනීමටත් මිතුරියකගේ මාර්ගයෙන් අසා දැනගත් පරිදි දකුණේ ඈත ගමක පවත්වාගෙන ගිය දේවාලයකින් ප්රතිකාර ගැනීමට මිතුරිය සමග ගියාය.
දේවාලයේ කපු මහතා, මිතුරියගේ හිතවතකු වූ අතර “ඇය කියා සිටියේ කැරට් 24 පවුම් හතරක මාලයක් පූජාව සදහා තබා ජපකරවාගෙන කරේ පැලදීමෙන් රෝගී තත්වයන් සුවවී ප්රමාද වූ දරු උපත් සිදුවන බවය. කපු ගාස්තුව රුපියල් හාර දහසක් බවත්, පූජාවට තබන මාලය ආපසු දෙන බවත් මිතුරිය පවසා සිටියාය.
කාන්තාව තම දෙමාපියන් විසින් ඇයට දායාද කළ එකම රන් මාලය පූජාව සඳහා කහ දියරෙන් සෝදා සූදානම් කරගෙන ගියේ මග වියදමට සහ කපුවාගේ ගාස්තු ගෙවීමට අසල නිවසින් රුපියල් පන්දහසක මුදලක්ද ණයට ලබා ගෙනය. මේ ගමන ගැන තම ස්වාමි පුරුෂයාට දැනගන්නට නොදී ,හොර රහසේ මිතුරිය සමග පූජාවට ගියේ මිතුරියකගේ ගෙදර යන බව සඳහන් කරමිනි.
නියමිත පරිදි දේව පූජාව සහ කන්නලව්ව කර රන්මාලය පුදසුනේ තබා ආපසු ලබා ගත් මෙම කාන්තාව නිවස බලා එන අතර තුර,ණයට ගත් මුදල් ගෙවීම සදහා රන්මාලය බැංකුවකට උකස් කිරීමට ගිය මෙම කාන්තාවට දැනගන්නට ලැබුනේ මාලය රන් නොව, රන් ආලේප කළ රිදී මාලයක් බවය. සිදු වූ දේ ගැන පුදුමයට පත් කාන්තාව,කපුවාගේ වංචාවකින් මාලය මාරු කර ඇති බව සිතා, ළගම ඇති පොලිසියට ගොස් සිද්ධිය ගැන පැමිණිලි කළාය. සාක්ෂියට මිතුරියගේ නමද සදහන් කළාය.
පොලිසිය වහා ක්රියාත්මක වී කාන්තාව සමග ගොස් දේවාලය පරීක්ෂා කර ඇය සතු මාලය ,කපුවාගේ තඹ පාත්රයක තිබී, සොයාගෙන පොලිසිය කපුවා මාලයද සමග පොලිසියට රැගෙන ආවේය. පොලිසියේ රාජකාරි කටයුතු කඩිනමින් සිදු කළ නිලධාරීන්, එළඹෙන බදාදා දිනක උසාවියට එන ලෙස දන්වා ,කපුවා පොලිස් අත්අඩංගුවට ගත්තේය.
කාන්තාව සිදු වුන අකරතැබ්බය ගැන සිතා පූජාවෙන් ලෙඩ සුව වීමත්, දරු උපතක් නොලැබුනත් ළග තිබුණ රුපියල් දහස් ගණනක් වටිනා මාලය අහිමිවී අසල් වැසියාට ණය වීම ගැන සිතා නිවසට පැමිණියේ ස්වාමි පුරුෂයාට කුමක් කියම්දෝ කියන වික්ෂිප්ත මනෝ භාවයකනි.
මාවරල පී.එස්.මද්දුමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd