නගරයේ කාර්යාලයක රැකියාව කරන සිය සැමියාගේ මුදල් පසුම්බිය තුළ තිබූ කාන්තා ඇඳුම් මිල දී ගත් කුවිතාන්සියක් නිසා යක්ෂාවේෂ වූ බිරිඳක් පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි .
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි මෙම යුවළ කුඩා දරුවන් දෙදෙනකුගේ මව්පියන්ය.
මෑතක සිට සැමියා නිවසට ප්‍රමාද වී පැමිණීමත් බිරිය සමඟ වැඩි කතා බහක් නොමැති වීමත් ටික කලක සිටම බිරිය තුළ සැමියා ගැන යම් සැකයක් මතුව තිබිණ.
මෙම සැකය නිසා නිරන්තරයෙන්ම බිරිය සැමියා නොරුස්සන ගතියක් පෙන්වූවාය.
සැමියාගේ සියල්ල අවුස්සා බැලීම ඇය පුරුද්දක් කර ගෙන සිටියාය. ඔහුගේ ගමන් මලු පමණක් නොව ජංගම දුරකතනයද නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළාය.
සුපුරුදු පරිදි සැමියා බොහෝ රෑ බෝ වී නිවසට පැමිණියේය.
බිරිය ඔහු දෙස බැලුවේම මුහුණ ඇඹුල් කර ගෙනය. සැමියා ඇඟ සෝදා ගැනීම සඳහා ගිය අතර තුර ඇය ඔහුගේ මුදල් පසුම්බිය ගෙන එකිනෙක හාරා බැලුවාය. එතුළ තිබී එදිනම කාන්තා ඇඳුම් මිල දී ගත් කුවිතාන්සියක් හමු විය. ඇය එක්වරම ඔහු නිවසට ගෙනැවිත් ඇති දෑ සොයා බැලුවාය. එම ද්‍රව්‍ය තුළ කිසිදු කාන්තා ඇඳුමක් නොවීය. ඇය මෙතෙක් සිත තුළ සඟවා ගෙන සිටි සැකය තහවුරු වී ඇති බව සිතුවාය.
සැමියා වෙනත් කාන්තාවක සමඟ අනියම් සබඳතාවයක් පවත්වනු ඇති බවත් ඔහු ඇයට ඇඳුම් තොගයක් මිලට අරන් දෙන්නට ඇති බවත් ඇය සිතුවාය. සැමියා නාන කාමරයෙන් එළියට එන්නටත් පෙරම ඔහුගේ ඇඟට කඩා පැන්නාය.‘ කාටද තමුසේ මේ ඇඳුම් අරන් දීල තියෙන්නේ. කෝ ඒ ඇඳුම්. මට දැන් හුඟක් කල් ඉඳල තේරිලා තිබුණේ තමුසේ ගෑනියෙක් එක්ක සම්බන්ධ වෙලා කියලා. ළමයි දෙන්නෙක් ඉන්නව කියලවත් හිතන්න තිබුණේ නැද්ද කියමින් එක දිගටම කෑ ගහ ගෙන ගියාය.
සැමියාට වචනයක්වත් කතා කරන්න ඉඩ නොදුන්නාය. පැයකට වැඩි කාලයක් පැවැති ඇයගේ කෑ ගැසීම අවසන් වීමෙන් පසුව කතාව කළ සැමියා ඔය රිසිට් එකේ ඇඳුම් ගත්තේ මම තමයි. ඒවා ගත්තේ ඔයාට. මට පරක්කු වුණ හින්දා කාර්යාලයේ ඒ පාර්සලය අමතක වෙලයි ආවේ. මං ඒක හෙට ගෙනත් දෙන්නම් දැන් කෑ ගහන්නේ නැතිව ඉන්න යැයි කීය. කෙසේ වුවත් ඇය තවමත් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට නැත. සැමියා ඇයගේ ඇඳුම් පාර්සලය ගෙනත් දෙන තුරු මේ නෝක්කඩුව ඒ ආකාරයෛන්ම පවතී.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd