මාව මරන්න හදන්නේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා නගයි. 04 November 2022
දිල්ලියේ වාතය විෂවෙලා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය, අනතුරුදායක මට්ටමත් පසු කරමින් ඉහළ ගොස් ඇතැයි ප්‍රාන්ත බලධාරීහු අනතුරු අඟවති. වාතය දූෂණය වී, එය විෂ වන්නේ, වායු දූෂක සංඝටක පී.එම්. 2.5 ක අගයක් ඇති විටය. 04 November 2022
යුක්රේනයේ මිලියන 14 ක් අවතැන් රුසියානු හමුදා, ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මේ දක්වා යුක්රේන වැසියන් මිලියන 14 ක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රැන්ඩි පවසයි. 03 November 2022
ට්විටර් ලාංඡනය වෙනුවෙන් මුදල් අය කෙරේ එළඹෙන සතියේ සිට ට්විටර් ගිණුම් සඳහා ලබා දෙන තහවුරු කිරීමේ නිල් පාට ලාංඡනය සඳහා ඇමෙරිකානු ඩොලර් 8 ක මුදලක් මාසිකව අය කිරීමට එම සමාගම තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 November 2022
ඉතියෝපියාවේ බෙදුම්වාදී අරගලය අවසන් වන ලකුණු ඉතියෝපියාවේ උතුරුදිග ටිග්රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියානු රජයේ හමුදා අතර පවතින යුද ගැටුම් අවසන් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 03 November 2022
ජපානයට අනතුරක් වෙමින් උතුරු කොරියාව මිසයිල යවයි උතුරු කොරියාව ජපානයට අනතුරක් වන ආකාරයට දිගු දුර බැලැස්ටික් මිසයිල කීපයක් අත්හදා බැලුවේය. උතුරු කොරියාවෙන් එල්ල වුණු එම මිසයිල, ජපානය දෙසට පැමිණෙද්දී, වහා ආරක්ෂක ස්ථාන වෙත ගොස් සැඟවෙන්නැයි ජපන් රජය සහ හමුදාව එරට වැසියන්ට අනතුරු අඟවීය. 03 November 2022
ධාන්‍ය අපනයනයට රුසියාව අවසර දෙයි කළු මුහුද හරහා යුක්රේනයේ ධාන්‍ය අපනයනය කිරීමට තමන් අවසර දෙන බව රුසියාව පැවැසීය. යුක්රේනයේ ධාන්‍ය අපනයන කටයුතුවලට බාධා එල්ල වුයේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. යුක්රේනයේ වරාය ඇත්තේ රුසියානු හමුදාව සතුවය. එහෙයින් යුක්රේනයට එරට ධාන්‍ය අපනයනය කිරීමට නොහැකි වුණු අතර, එය ලෝක ආහාර අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් විය. 03 November 2022
ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක අතුරු මැතිවරණ ඇරැඹේ ඉන්දියාවේ ප්‍රාන්ත හයක, අතුරු මැතිවරණ ඊයේ (3) ආරම්භ විය. අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ ආරම්භ වූයේ බිහාර්, මහාරාෂ්ට්‍ර, හර්යානා, තෙලෙංගානා, උත්තර ප්‍රදේශ් සහ ඔඩිෂ්සා යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා 7 කය. 03 November 2022
බ්‍රිතාන්‍ය අගමැති ගත් තීරණය ආපසු හරවයි ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ ජාත්‍යන්තර සමුළුවට තමන් සහභාගී නොවන බව පැවැසූ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම තීරණය වෙනස් කර ඇත. 03 November 2022
’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය ලබන වසරේ ඔක්තෝම්බර් ෆොර්බ්ස් සඟරාවට අනුව කොඩ්‍රිලියන 10000 ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන ’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය කිරීමේ මෙහෙයුම එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි. 03 November 2022
දකුණු කොරියාවෙන් උතුරට මිසයිල ප්‍රහාර දකුණු කොරියාවට තර්ජනයක් වෙමින්, උතුරු කොරියාව මිසයිල යැවීමත් සමඟ ඊට පිළිතුරු දීමක් ලෙස දකුණු කොරියාව උතුරු කොරියාවට තර්ජනයක් වන අයුරින් මිසයිල 3 ක් උතුරු කොරියාව දෙසට යැවීය. 02 November 2022
රුසියාව හමුදා චන්ද්‍රිකාවක් උඩ යවයි රුසියාව, ඔවුන්ගේ ’සෝයූස්’ රොකට්ටුවක ආධාරයෙන් හමුදා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය. 02 November 2022
ඉන්දියාවත් ඇමෙරිකාවත් යුද අභ්‍යාසයකට සැරැසෙයි ඉන්දියාවත් ඇමෙරිකාවත් එක් වී, ඉන්දු චීන දේශසීමාවේ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. 02 November 2022
පාකිස්තාන අගමැති චීනයේ සංචාරයක ආර්ථිකමය වශයෙන් පාකිස්තානය ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය නොකඩවා ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. 02 November 2022
බදු වැඩි කරන්න සුනාක් සැරැසෙයි බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය පරතරය පියවීම සඳහා බදු වැඩි කිරීමට සහ රජයේ වියදම් කප්පාදු කිරීමට බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් සූදානම් වන බව එරට මාධ්‍ය පවසයි. 01 November 2022
ලොව කුඩාම රූපවාහිනිය නිපදවයි ලොව කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්වී ඇති අතර එය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම්ය. 01 November 2022
වන්දි ඉල්ලන්න ඉම්රාන් සැරැසේ අසත්‍ය ප්‍රචාර සිදුකර මන්ත්‍රී ධුරය අහෝසි කරමින්, තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන්, පාකිස්තාන රුපියල් බිලියන 10 වන්දියක් ඉල්ලා ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් මෙසේ කියා සිටියේ ජන රැලියක් අමතමිනි. 01 November 2022
ට්විටර් විධායක ධුරය ඉලොන් මස්ක්ට ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුර තමන් බාර ගන්නා බව, එම සමාගම ඇමෙරිකන් ඩොලර් බිලියන 44 කට මිලදී ගත් ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 01 November 2022
පෘථිවියට අනතුරක් කළ හැකි ග්රහකයක් අනාගතයේ දිනෙක, පෘථිවියේ හැපීමට ඉඩ ඇති යෝධ ග්රහකයක්, තමන්ට හමුවී ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනතුරු අඟවති. කිලෝ මීටර් 1.5 ක් පළල මෙම ග්රහකය සොයා ගැනීමට හැකි වී ඇත්තේ චිලී රාජ්‍යයේ ඉදි කර ඇති තාරකා විද්‍යා දුරේක්ෂයේ ආධාරයෙනි. තාරකා විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ ‘2022 ඒ.පී.7’ යනුවෙනි. 01 November 2022
බයිඩන්ට කේන්ති ගිහිල්ලා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ දුරකතන කතාබහක් අතරතුරේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කෝපයට පත් වුණු බව එරට මාධ්‍ය අනාවරණය කළේය. 01 November 2022
ස්විට්සර්ලන්තය ලොව දිගම මගී දුම්රිය ධාවනය කරයි ස්විස් දුම්රිය සමාගමක් ඉකුත් සෙනසුරාදා ලොව දිගම මගී දුම්රිය සඳහා වූ වාර්තාවට හිමිකම් කිව්වේය.ඒ ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය මාර්ගයක ධාවනය කරමිනි. 31 October 2022
සංගීත සැණකෙළියක තෙරපීමක්: 11ක් මරුට අතිශය ජනප්‍රිය අප්‍රිකානු සංගීත තරුවක් වන ෆැලී ඉපූපාගේ සංගිත සංදර්ශනයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 October 2022
ඉන්දියාවේ පාලමක් කඩා වැටී මිය ගිය ගණන 130 දක්වා ඉහළට ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය පිරිස 130 දක්වා වැඩි වී ඇතැයි. ටයිම්ස් ඕෆ් ඉන්දියා වෙබ්වා අඩවිය වාර්තා කරයි. 30 October 2022
බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය ඇරැඹේ බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය අද (30) ආරම්භ වෙයි. අවසන් වටය සඳහා ඉදිරිපත් වන්නේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති යාර් බොල්සරාවෝ සහ හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වාය. 30 October 2022
දකුණු අප්‍රිකා ජනපති නව සූලු රජු පිළිගනී දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාගේ අනුමැතිය සූලු රජුට හිමිවිය. සූලු ගෝත්‍රික ප්‍රජාව,නව රජු ලෙස තෝරාගෙන ඇත්තේ මිසුසූලු කවෙලෙට්තීනීය. 30 October 2022
ග්වන්තනාමෝ අවසන් පාකිස්තානුවාට නිදහස කියුබාවේ ග්වන්තනාමෝ බොක්කේ පිහිටි ඇමෙරිකාවට අයත් ‘ග්වන්තනාමෝ’ සිරකඳවුරේ වසර 20 ක් රඳවාගෙන සිටි අවසන් පාකිස්තාන ජාතිකයාට නිදහස හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 30 October 2022
සෝමාලියාවේ බෝම්බ පිපිරී 34 ක් මියයති අප්‍රිකාවට අයත් සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර, කාර් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් පුද්ගලයෝ 34 ක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කි. 30 October 2022
හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 October 2022
කතා නායිකාවගේ සැමියාට පහරදීලා ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසි ට ප්‍රහාරයක් එල්ල වී ඇත. 29 October 2022
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි 2022 UF4 යන නමින් නම් කළ කිලෝ මීටර් මිලියන 4.5 ක විශ්කම්බයකින් යුත් යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේය. 28 October 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026