
ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබම් තුවක් සිදුවිය. එම වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි. මියගොස් තවත් පුද්ගලයන් සය දෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොන්ටෙරි පාර්ක් නගරයේ චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනකු මියගොස් පැය 48 යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම් සිදුව තිබේ.
වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇත්තේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මූන් බේ නගරයේ ගොවිපළවල් දෙකක වන අතර ඉන් හත් දෙනකු මියගොස් තුන් දෙනකු බරපතල තුවාල ලබා ඇත.වෙඩි තැබීම් සිදුකළ සැකකරු අත් අඩංගුවට ගැනීමට ශාන්ත මතෙයෝ ෂෙරිෆ් කාර්යාලය සමත්විය.
තුන්වෙනි වෙඩි තැබීම අයෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් ප්‍රාන්තයේ සිදුව ඇති අතර ඉන් සිසුන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් තුන්දෙනකු තුවාල ලබා ඇත.මියගිය සිසුන් දෙදෙනා 16 ත් 18 ත් වයස්වල පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. තුවාල ලැබූ තුන්දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් නව දෙනෙක් මරුට
පිටිගල මිලානෝ Tuesday, 24 January 2023 02:39 PM
ඇමරිකාවේ ජීවත්වීමම ත්‍රසජනක දෙයකි. පාසැල් ළමුන්ව සමූල ඝාතනයට ලක්වන ලොව එකම රට ඇමරිකාවයි. ඇෆ්ගනිස්ථානයේ වත් ළමයි සමූලඝාතනය කරන්නේ නැහැ. ඇමරිකාවේ දෙමාපියන් තම දරුවන් පාසලෙන් එන තෙක් මොන තරම් බයකින් ඉන්නවා ඇත්ද?
namal newyork Tuesday, 24 January 2023 03:10 PM
මිලානෝ වැස්සකට ඇමරිකාවට ගිහින් තියනවද? මේ රටේ ජනගහනයට සාපෙක්ෂව මිනීමැරුම් ප්‍රමානය ලංකාවට වඩා අඩුයි... මෝඩ කතා කියන්න කලින් හොයා බලන්න
පිටිගල මිලානෝ Tuesday, 24 January 2023 04:21 PM
නාමල්, ගෙදරටම මරුවා එන තෙක් කකුලුවා සේ දියකෙලින්න. ස්ටැටන් අයිලන්ඩ් වල ඉන්න කල්ඉකුත්වූ ලංකාවේ හිටපු නිළියකගේ පාදනමස්කාර කරගෙන ජීවත් වෙන එක නේද ඔබලා ස්ටැටන් අයිලන්ඩ් වල චාටර් වෙවී කරන්නේ. මිස් ශ්‍රීලංකා තරගෙදී ඔයත් අම්බානකට කන්න ඇති නේද…?
චන්දන Tuesday, 24 January 2023 04:48 PM
ඇමරිකාව සංචාරය ට සුදුසු රටක් නොවෙයි . ඒක මිනීමරුවන් ඉන්න දේශයක් .