(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දී ඇති වෛද්‍ය රක්ෂණ පහසුකම තමා ගෞරවපූර්වකව ප්‍රතික්ෂේප කරන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

රටේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මහජන නියෝජිතයන් ආදර්ශවත්ව කටයුතු කළ යුතු බව ද කරුණානායක මහතා අදාල  ලිපියේ දක්වා ඇත.

බොහෝ පුරවැසියන් ආර්ථික අභියෝගවලට මුහුණ දෙන  වකවානුවක මහජන සේවයට වරම් ලැබූවන් ජනතාව සමඟ සහයෝගයෙන් හා සංවේදීතාවයෙන් කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා පවසයි.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තමන්ට හිමිවීමට නියමිත ප්‍රතිපාදන අවදානම් සහිත පුද්ගලයන්, දරුවන්, වැඩිහිටියන් හෝ බරපතළ රෝගවලින් පෙළෙන අසරණ ප්‍රජාවන්ගේ යහපත උදෙසා නීත්‍යානුකූලව සහ පරිපාලනමය වශයෙන් හැකි අයුරින් නැවත යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

රවී පාර්ලිමේන්තු රක්ෂණය එපා කියයි 