(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පිට රටින් ගේන හාල් සඳහා බද්දක් අඩු කළා යැයි නිවුස් එකක් ප්ලාන්ට් කරන්න හදන නමුත් රටින්  ගෙන්වන්නේ සංචාරක හෝටල් සඳහා අවශ්‍ය සහල්  දෙවර්ගයක් බව වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සංචාරක ව්‍යාපාරය සඳහා ජස්මින් සහ ස්ටිකි රයිස් සංචාරක හෝටල් වලට ගෙන ඒම සඳහා ආනයන අපනයන පාලකගේ බලපත්‍ර යටතේ අවසර දී තිබෙනවා. රුපියල් 65 ට ගෙන්වන්න තිබූ ස්ටිකි රයිස් වල බද්ධ 280 දක්වා වැඩි කරනවා.ඒ සහල් වර්ග දෙක මොකක්ද කියන්නේ නැතුව සමහර මාධ්‍ය බොරු කියනවා.මේ පියවර නිසා සහල් ගෙන්වීම අඩපණ වෙනවා.

ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න 2026 වසරේදී ලබාගෙන තියෙනවා.මෙට්‍රික් ටොන්  මිලියන 3.5ක සහල් ප්‍රමාණයක් මෙයින්  ලැබෙනවා.මේවායේ වැඩිපුර තියෙන්නේ සුදු සහ රතු නාඩු යනුවෙන්ද අමාත්‍යවරයා කීය.