
උතුරු කොරියාවේ, පියොංයැං අගනුවර, දින පහකට ලොක්ඩවුන් කෙරුණි. ඒ, අගනුවර පුරා ස්වසන රෝගයක් ව්‍යාප්තවීමත් සමඟය.
ස්වසන රෝගය වැලැඳුණු පියොංයැං වැසියන්ගෙන් රෝහල් පිරී ගොස් ඇතැයි ද පැවැසෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස ආදිය මෙම ස්වසන රෝගයේ රෝග ලක්ෂණ යැයි උතුරු කොරියානු සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලොක්ඩවුන් කාලසීමාව, ලබන ඉරිදා තෙක් ක්‍රියාත්මක වනු ඇත. එම කාල සීමාව ඇතුළත නිවෙස්වලට වී රැඳී සිටින්නැයි උතුරු කොරියානු රජය අගනුවර වැසියන්ට උපදෙස් දී තිබේ. ලොක්ඩවුන් කාලසීමාවේ නිවෙස්වල රැඳී සිටිමින්, දිනකට දෙවරක් හෝ තෙවරක් උණ පරීක්ෂා කරන්නැයි ද උතුරු කොරියානු සෞඛ්‍ය අංශ නගර වැසියන්ට දැනුම් දී තිබේ.
අගනුවර ව්‍යාප්ත වන මෙම ස්වසන රෝගය ‘කොවිඞ් 19’ වෙයිරසයේ උත්සන්න වීමක් දැයි සැක කෙරේ. කෙසේ නමුත් උතුරු කොරියානු රජය හෝ සෞඛ්‍ය බලධාරීහු හෝ ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.
අගනුවර ලොක්ඩවුන් කිරීමට උතුරු කොරියානු රජය තීරණය කිරීමත් සමඟ නගර වැසියෝ කලබල වුණු බවත්, වෙළෙඳසැල්වල දිගු පෝලිම් දකින්න ලැබුණු බවත් උතුරු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියොංයැං අගනුවර දින 5 ක් ලොක්ඩවුන්