සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

ප්‍රශ්නගත ගල්අඟු‍රු සම්බන්ධයෙන් අදාළ සැපයුම්කාර සමාගමේ රුපියල් කෝටි 1800කට ආසන්න මුදලක් රඳවාගෙන සිටින බවත්,  නීතිමය කටයුතු අවසන් කළ වහා එම පාඩු මුදල අයකර ගැනීමට කටයුතු කරන බවත් වරාය, නාවික, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“මේ අලාභය ඇතිවෙලා තියෙන්නේ පිරිවැය වැඩිවීම නිසා. ගල්අඟු‍රු ප්‍රශ්නය 2026 ආපු එකක්. මේ පාඩුව විදුලි පාරිභෝගිකයා මත පටවන්න රජය කටයුතු කරන්නේ නෑ. බිලියන 18කට ආසන්න ප්‍රමාණයක් රඳවගෙන තියෙනවා. නීතිමය කටයුතු අවසන් කළ වහා ඒ මුදල අයකර ගැනීමට කටයුතු කරනවා.”

“මගේ වාහනේ දාගෙන යන්නේ කවුද කියන එක තීන්දු කරන්නේ මම මිසක් වෙන කවුරුවත් නෙවෙයි. ඔබතුමාට ඒක අදාළ නැහැ. විදුලිබල ඇමතිවරයා විදියට අමාත්‍යාංශයේ තීන්දු ගන්නේ මම.”

දයාසිරි ජයසේකර :

“හිටපු ඇමති දාගෙන යන එක අපිට ප්‍රශ්නයක්. එතකොට අපිට හිතෙනවා කවුද ඇමති කියලා?”