උපුල් වික්‍රමසිංහ
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව ද විවාහය සඳහා නිශ්චිත අවම වයස් සීමාවක් පැනවීම, විවාහයකදී මනාලියගේ පාර්ශ්වයේ කැමැත්ත හා විවාහ සහතිකයට මනාලියගේ අත්සන අනිවාර්ය කිරීම ඇතුළු සංශෝධන රැසක් ඊට ඇතුළත්කර ඇතැයි ද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ පවතින මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට තුඩුදිය හැකි විධිවිධාන ඉවත් කර මුස්ලිම් කාන්තාවන් සහ ඔවුන්ගේ ළමයින්ට සාධාරණත්වය, ගෞරවය සහ යුක්තිය තහවුරු වන ආකාරයට මෙම පනත යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත්කෙරුණු බවත් එහි නිර්දේශ මත මෙම පනත සංශෝධනය කිරීම සිදුවන බවත් එම ආරංචි මාර්ග කියයි.
මුස්ලිම් පවුල් සංස්ථාවල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම ද මේ සංශෝධනවල එක් අරමුණක් බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කාති උසාවිවල කළ යුතු පරිපාලනමය වෙනස්කම් කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කිරීමේ කටයුතු ද කරගෙන යනු ලබන බවත් එයින් යෝජනා කරන නිර්දේශ ද මේ සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කෙරෙනු ඇති බවත් එහිදී කාන්තාවන් කාතිවරුන් වශයෙන් පත්කිරීම ආදී ඉල්ලීම්වලට අවධානය යොමුව ඇති බවත් එකී ආරංචි මාර්ග හෙළි කළේ ය.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කළ යුතු බව මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංවාදය ද මීට ඉහත දී අදහස් දක්වා තිබුණු අතර එම සංවිධානය උපුටා දක්වමින් “ඉරිදා ලංකාදීප”ය වාර්තාවක් ද පළ කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd