
ඇමෙරිකන් පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරදීමට ලක් වී මියගිය 29 හැවිරිදි ටයිලර් නිකලස් නමැති කළු ජාතික තරුණයා ජීවිතක්ෂයට පත්විය.
ටයිලර් නිකලස් ට පහර දීම කළේ ද කළු ජාතික පොලිස් නිලධාරීන් පස් දෙනෙකි.
ඔවුන් ටෙනිසි ජනපදයේ මෙම්පිස් නුවර පොලිස් නිලධාරීන් පිරිසකි. පොලිස් නිලධාරීන්, ටයිලර් නිකලස් අත්අඩංගුවට ගෙන පහර දී ඇත්තේ, ඔහු නොසැලකිල්ලෙන් රිය පැදවූ බවට චෝදනා නගමිනි.
පොලිස් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ටයිලර් නිකලස් මියගියේ රෝහල්ගත කිරීමෙන් දින 3 කට පසුවය.
ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාව පුරා නිහඩ විරෝධතා ආරම්භ වී ඇත. ඒ පොලිසිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පෙන්වා දෙමිනි.
ඇමෙරිකන් ජනාධිපතකි ජෝ බයිඩන් ද ප්‍රහාරය හෙලා දැක තිබේ.
ප්‍රහාරයට සම්බන්ධ පොලිස් නිලධාරීන් පස් දෙනාගේ වැඩ තහනම් කර ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත් වීමට නියමිතය.
මියගිය ටයිලර් නිකලස්, සිවු හැවිරිදි පුතෙකුගේ පියෙකි. ටයිලර් නිකලස් කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ නුවර ඡායාරූප ශිල්පියෙකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd