පාකිස්තානයේ නගර රැසක විදුලි බල සැපැයුම තවමත් යථා තත්ත්වයට පත් වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ජාතික විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැටුණේ ඊයේ (23) උදෑසන 7.34 ටය. අද (24) වනවිට ප්‍රධාන නගර කීපයක විදුලි බලය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණු බව බලශක්ති අමත්‍යාංශය පැවැසීය. රට පුරා විදුලිය විසන්ධි වීමෙන් පීඩාවට පත් වූ පාකිස්තානුවන් ගණන මිලියන 20 කි.
අද (24) වනවිට විදුලි බලය යළි යථා තත්ත්වයට පත් වූයේ ඉස්ලාමාබාද්, කරච්චි, ලාහෝර්, රාවුල්පිණ්ඩි, ක්වෙටා, පෙෂවෝර් සහ ගුජ්රන්වාලා යන නගරවල විදුලිය සැපැයුම ඊයේ (23) රාත්‍රියේ දී යථා තත්ත්වයට පත් කිරීමට හැකිවුණු බව බලශක්ති අමාත්‍ය කුරාම් දස්ගිර් ඛාන් පැවැසුවේය.
පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එම ආර්ථික අර්බුදය හේතුවෙන් බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී ඇත. පසුගිය කාලය පුරා දිනකට පැය ගණනින් විදුලි කප්පාදු කිරීමට පාකිස්තාන රජයට සිදුවිය. දෛනිකව නොකඩවා විදුලිය සැපැයීම විදුලි බල අමත්‍යාංශ බලධාරීන්ට අභියෝගයක් වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තාන නගර රැසක් තවමත් අඳුරේ