චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී මේගාන්ටත් ඇරැයුම් තෙවැනි චාල්ස් රජු ලබන වසරේ පැවැත්වෙන තම රාජාභිෂේකයට හැරී කුමරු සහ මේගාන් මාකෙල් හට ආරාධනා කිරීමට තීරණය කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 19 December 2022
දකුණු අප්‍රිකා වෙරළට රළ පහරක් කඩා වදී දකුණු අප්‍රිකාවේ ඩර්බන් මුහුදු වෙරළට හිටිහැටියේ, සුනාමියක් වැනි රළ පහරක් කඩා වැදීමෙන් මුහුදේ පීනමින් සිටි තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 18 December 2022
ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. 18 December 2022
මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නිවාඩු ගත කිරීමට පැමිණෙන පුද්ගලයන් එළිමහන් කඳවුරු බැඳ ගන්නා ස්ථානයක් අසල සිදු වූ නාය යෑමකින් 21 දෙනකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි මැලේසියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 17 December 2022
පෘථිවියේ වතුර සොයන්න චන්ද්‍රිකාවක් පෘථිවියේ ජලය සමීක්ෂණය කිරීමේ අරමුණින් ආවේක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට නාසා ආයතනය කටයුතු කළේය. 17 December 2022
ඇවටාර් 2 සාර්ථකයි ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඩ් අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගේ ’ඇවටාර් 2’ චිත්‍රපටය සාර්ථක ලෙස ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වී තිබේ. 17 December 2022
කෙනඩි ඝාතනයේ තවත් ලිපිගොනු 13,173 අන්තර්ජාලයට ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලිපිගොනු 13,173 අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට මුදාහැර තිබේ. 16 December 2022
ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි ඉන්දියාව හමුදාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි ආකාරයේ දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. ඉන්දියාවේ මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවුණැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 16 December 2022
කීව් අගනුවරට පහර දෙන්න සෙබළු ලක්ෂ දෙකක් යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින්, රුසියන් හමුදාව අලුතින් සෙබළුන් ලක්ෂ දෙකක බල ඇණියක් සූදානම් කරමින් සිටින බව යුක්රේන හමුදාපති ජනරාල් වැලේරි සලුස්නී පවසා තිබේ. 16 December 2022
නවීන මාදිලියේ ආයුධ නිපදවන්න උතුරු කොරියාව සූදානම් නවීන මාදිලියේ ප්‍රබල අවි නිෂ්පාදනය කිරීමේ අරමුණින්, අධි තෙරපුම් ළන ඉන්ධන මෝටරයක් සාර්ථකව අත්හදා බැලීමට සමත් වුණු බව උතුරු කොරියාව පවසයි. 16 December 2022
යුක්රේන වැසියන්ට පිහිට වෙමු: පාප්තුමාගෙන් පණිවුඩයක් මෙවර නත්තල අර්ථවත් කරමින්, රුසියන් ප්‍රහාර හේතුවෙන් යටිතල පහසුකම් බිඳ වැටී, කුසගින්නේ සහ සීතලේ පීඩාවට පත්වී සිටින යුක්රේන සිවිල් වැසියන්ට පිහිට වෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අවධාරණය කර තිබේ. 15 December 2022
ඇමෙරිකාවට ප්රචණ්ඩ හිම කුණාටුවක් කඩා වදී ඇමෙරිකාව හරහා ප්රචණ්ඩ හිම කුණාටුවක් හඹා ගියේය. හිම කුණාටුවට හසුවුණු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හිම කුණාටුව නැගෙනහිර ප්‍රාන්තවල සිට දකුණුදිග ප්‍රාන්ත තෙක් හමා ගිය බව එරට පුවත් සේවා පවසයි. 15 December 2022
‘කොවිඩ් 19’ තවදුරටත් තර්ජනයක් නොවේ ‘කොවිඩ් 19’ වයිරසය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. 15 December 2022
රුසියන් පාර්ලිමේන්තුවේ සූකර උණ වසංගතයක් රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනයේ, ‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බංකරයක සැඟවී සිය රාජකාරිවල නියැලෙන බවත් බ්‍රිතාන්‍යයේ ‘ද මෙට්‍රෝ’ පුවත් වෙබ් අඩවිය ඊයේ (14) වාර්තා කළේය. 14 December 2022
මෙසී පාපන්දු පිටියෙන් සමුගනියි ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක 35 හැවිරිදි ලයනල් මෙසී තමා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත. 14 December 2022
හදිසි ජල ගැලීම්වලින් කොංගෝවේ 120 ක් මරුට අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ, කිංෂාසා අගනුවර හටගත් හදිසි ජල ගැලීම්වලට 120 දෙනෙක් බිලිවූහ. ජල ගැලීම් හේතුවෙන් තුවාල ලැබූ ගණන 200 කට වැඩිය. 14 December 2022
චැඞ් කාන්තාරයෙන් මළසිරුරු 27 ක් හමුවෙලා සංක්‍රමණිකයන් 27 දෙනකුගේ මළසිරුරු චැඞ් කාන්තාරයෙන් හමුවී ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 14 December 2022
යුක්රේනය අති නවීන ගුවන් ආරක්ෂක පද්ධතියක් අති නවීන තාක්ෂණයෙන් පිරිපුන් ගුවන් ආරක්ෂක පද්ධතියක් යුක්රේන හමුදාවට ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර ඇත. 14 December 2022
සමරිසි විවාහ ආරක්ෂා කරන්න නව නීතියක් ඇමෙරිකාවේ සමරිසි අයිතීන් සුරකිමින්, සමරිසි විවාහ ආරක්ෂා කිරීමේ නව නීති සම්පාදනය කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය. 14 December 2022
යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක් රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 December 2022
දුම්වැටි තහනම් පනත් කෙටුම්පතට අනුමැතිය 2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්බීම තහනම් කරමින් සකස් කළ නව නීති පනත් කෙටුම්පතට නවසීලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 13 December 2022
උතුරු කොරියාවට භාණ්ඩ විකුණා හිරේ ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වටිනා ස්ට්‍රෝබරි කිරි සහ කෝපි ඇතුළු භාණ්ඩ රැසක් උතුරු කොරියාවට විකුණූ සිංගප්පූරු ව්‍යාපාරිකයකුට සිංගප්පූරු අධිකරණයක් සිර දඬුවම් නියම කෙරුණි. 13 December 2022
ඉන්දු චීන දේශ සීමාවේ අවි ගැටුමක් ඉන්දු චීන දේශසීමා සොල්දාදුවන් අතරේ සිදුවුණු වෙඩි හුවමාරුවකින් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 13 December 2022
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, ඔවුන් අතරේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 13 December 2022
රුසියන් කුලී හේවායන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් යුක්රේනයේ සිටින රුසියානු ‘වැග්නර් ගෲප්’ කුලී සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇත. 12 December 2022
පේරු රාජ්‍යයේ විරෝධතා ඇවිලෙයි පේරු ජනාධිපති පේද්රෝ කැස්ටෙලෝ දෝෂාභියෝගයෙන් ඉවත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින් නගර රැසක විරෝධතා පැවැත්වෙයි. 12 December 2022
ඉතාලියේ වෙඩි තැබීමකින් කාන්තාවෝ තිදෙනෙක් මරුට ඉතාලි අගනුවර අවන්හලක සිදුවුණු වෙඩි තැබීමකින් කාන්තවන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වූහ. 12 December 2022
චිලී ගිනි කන්ද පුපුරයි: ගුවන් ගමන් නවතා දැමේ ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ උතුරින්, අන්දීස් කඳුකරයේ පිහිටි ‘ලස්කාර්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ අඩි 20,000 ක් ඉහළට දුම්වලා නිකුත් වීම ඇරැඹිණි. 12 December 2022
දරුණු විදියේ ලියුකේමියාව නසන ප්‍රතිකර්මයක් ප්රතිකාරවලින් අඩපණ කළ නොහැකි ආකාරයේ දරුණු ලියුකේමියා ලේ පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 12 December 2022
පිටුවහල් වී සිටි අගමැති පුතු ආපසු ඇවිත් මූල්‍ය වංචා චෝදනා එල්ල වී, සිවු වසරක් පාකිස්තානයෙන් පිටුවහල් වී සිටි, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ පුතු සුලෙයිමාන් ෂෙහ්බාස් යළි පාකිස්තානයට පැමිණියේය. 12 December 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026