ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ නිවසක සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනා අතර මාස 6 ක බිලිඳකු සිටින බව ද පොලිසිය කියයි.
වෙඩි තැබීම සිදුවූයේ ටුලාර් ප්‍රාන්තයේ ටුලාර් නගරයේ නිවසකය. ටුලාර් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය නිවේදනය කර ඇත්තේ එය මත්ද්‍රව්‍ය සහ අපරාධ කල්ලි සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවය.
වෙඩි තැබීමට පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ බවත්, ඔවුන් එම නිවසට කඩා වැදී වෙඩි තැබීම සිදු කළේ අලුයම 3.30 ට බවත් අනාවරණය වී තිබේ.
මියගිය 6 දෙනා එකම පවුලේ සාමාජිකයන් බව පැවැසෙයි. දෙදෙනකු මියගියේ රෝහලට ගෙන යන අතරතුරේදීය.
ටුලාර් නගරය පිහිටා ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලීස් නගර අතර සැන් ජෝකින් නිම්නයේය. නගරයේ 70,000 ක පිරිසක් ජීවත් වෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
348
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1633
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 6 ක් මරුට