
අප්‍රිකාවට අයත් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ උතුරුදිග සෝයුම් පළාතේ කාන්තාවන් 50 දෙනකු පැහැර ගෙන ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පැහැර ගැනීම සිදු කර ඇත්තේ සන්නද්ධ කණ්ඩායමක් විසිනි. එම කාන්තාවන් අරිබින්දා සහ තවත් කුඩා ගම්මාන කීපයක වැසියන් බව පැවැසෙයි. ඔවුන් වනාන්තරයේ දර සහ පලතුරු එකතු කරමින් සිටිද්දී පැහැර ගැනීමට ලක් වී ඇතැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
බුර්කිනා ෆාසෝ යනු ලොව වඩාත් දිළිඳු රටවලින් එකකි. බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අල් කයිඩා මෙන්ම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලි ද ක්‍රියාත්මක වෙයි. ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට බුර්කිනා ෆාසෝ රජයට හෝ හමුදාවට හෝ ශක්තියක් නොමැති බය ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd