IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පුටින් බටහිර රටවලට දොස් කියයි

යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට දොස් නැගුවේය. රුසියන් ජනාධිපතිවරයා මෙසේ බටහිර රටවලට දොස් නැගුවේ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සමඟ පැවැත්වූ දුරකතන කතාබහක් අතරතුරේය.

ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී බටහිර බලවතුන් අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එයින් සිදුවන්නේ රුසියන් යුක්රේන අර්බුදය තව තවත් උත්සන්න වීම බවත් රුසියන් ජනාධිපතිවරයා තුර්කි ජනාධිපති එර්දොවාන්ට පෙන්වා දුන්නේය.

පසුගිය දා මහා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ හමුදාවේ ඇති ‘චැලෙන්ජර් 2’ වර්ගයේ ප්‍රබල යුද ටැංකි දෙකක් යුක්රේන හමුදාවට ලබා දුන්නේ රුසියන් හමුදාවෙන් එල්ල වන ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමටය. තවත් යුද ටැංකි 4 ක් යුක්රේන හමුදාවට ලබා දීමට බ්‍රිතාන්‍ය රජය සූදානමි සිටී.

මේ අතර ඇමෙරිකාව සහ ප්‍රංශය ඔවුන් සතු මිසයිල නාශක පද්ධති යුක්රේන හමුදාවට ලබා දී ඇත. රුසියාවෙන් යුක්රේන නගරවලට එල්ල වන මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට පමණක් නොව, රුසියාවේ ඉලක්ක වෙත පහර දීමට ද එම මිසයිලවලට හැකියාව තිබේ.

තුර්කිය නේටෝ සාමාජික රටක් වන නමුත් තුර්කි ජනාධිපති එර්දොවාන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ හොඳ මිත්‍රත්වයක් පවතී. රුසියාව, අසල්වැසි යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනට ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.

රුසියන් යුක්රේන අර්බුදයට, තුර්කි ජනාපධිති එර්දොවාන් මැදිහත් වී සිටී. ඔහු දිගින් දිගටම පුටින්ට පවසා ඇත්තේ සාමකාමී මාවතකට පිවිසෙන ලෙසය. රුසියන් ජනාධිපති පුටින් සහ තුර්කි ජනාධිපති එර්දොවාන් අතරේ පැවැති දුරකතන කතාබහ පැවැතියේ ද යුක්රේක අර්බුදය සම්බන්ධයෙනි.

(රොයිටර්)



අදහස් (1)

පුටින් බටහිර රටවලට දොස් කියයි

de silva Tuesday, 17 January 2023 08:09 AM

ඉන්දියාව ඇවිත් අපිව බලෙන් අල්ලගත්තොත් අපි ඒකට කැමැතිද? ප්‍රශ්නයට විසඳුම් පුටින් නැවත හකුලාගෙන රුසියාවට එන එක...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 348 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1633 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site