
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි.
හමුව පැවැත්වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලි සහ යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී අතරේය. හමුව පැවැත්වූයේ පෝලන්තයේය.
පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියා පමණක් නොව, ‘නේටෝ’ සාමාජිකයෙකි. හමුදා ප්‍රධානීන් අතරේ හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේ රහස් තැනක යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, බටහිර ගැති යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජිකත්වය ඉල්ලීමට විරෝධය පළ කරමිනි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ ව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී පිහිටුවාගෙන ඇති යුද සන්ධානයකි.
හමුදා ප්‍රධානීන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ රුසියන් යුක්රේන යුද්ධයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙනි. ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී, ඇමෙරිකන් හමුදාපති ජනරාල් මාර්ක් මයිලිට ස්තුති කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd