IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සඳට ගිය දෙවැනියා අවුරුදු 93 දී විවාහ වෙලා

1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් 'බස්' ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟ විවාහ විය.

ඕල්ඩ්‍රීන්ගේ විවාහය සිදුවූයේ ඔහුගේ 93 වැනි උපන් දිනය සමරද්දී වීම විශේෂත්වයකි.

උපන් දිනය දා ලොස් ඇන්ජලීස් නුවරදී විවාහ උත්සවය පැවැත්වූයේ ඉතා චාම් අයුරින් යැයි පැවැසෙයි.

ඕල්ඩ්‍රීන් මීට පෙර තෙවරක් විවාහ වී, තෙවරක් දික්කසාද වූ අයෙකි. පළමු වරට විවාහ වූයේ 1954 වසරේදීය.

එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං සමඟය. ඔවුන් සමඟ ගිය මයිකල් කොලින්ස් සඳුගේ කක්ෂයේ මවු යානයේ රැඳී සිටියේය.

නීල් ආම්ස්ට්‍රෝං, පළඵමු මිනිසා වෙමින් සඳට පය තබා මිනිත්තු 19 කට පසු එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ.

ඇපලෝ 11 මෛහයුමට සම්බන්ධ වී ජීවතුන් අතර සිටින එකම තැනැත්තා එඩ්වින් ඕල්ඩ්‍රීන් ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (9)

සඳට ගිය දෙවැනියා අවුරුදු 93 දී විවාහ වෙලා

surasena Saturday, 21 January 2023 06:33 PM

හම්බකරගත්ත සල්ලිවලට අයිතකම් කියන්න ඕනතරම් අය ඉන්නවා.

:       3       8

podi mole Saturday, 21 January 2023 09:06 PM

යකෝ. මේක දැක්කම මටත් හඳට ගිහින් එන්න හිතුනා.

:       2       13

BamunuaracchiSunday, 22 January 2023 06:24 PM

මටත් එහෙම හිතුනා පුතා.

:       0       3

රොහාන් Saturday, 21 January 2023 09:58 PM

මොනදේ තරණය කලත් තමන්ට කියල වැඩක් වෙන්නෙ, සසර ගමනින් එතෙර උනදාට තමයි සුද්දෝ

:       9       13

podi mole Sunday, 22 January 2023 06:51 AM

රෝහණ අයියා, එයා අපිට වඩා නිර්වාණයට ලඟයි. බදාගෙන කරගහගෙන ඉන්නෙ නැතුව අතහැරීම හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. ඒකනේ කලින් හිටපු වයිෆ්ලා තුන්දෙනෙක්ම ලෝබ නැතුව අත්හැරලා තියෙන්නේ.

:       2       8

pakeer Saturday, 21 January 2023 10:06 PM

අන්න පොරවල්. සුපිරි අංකල් !

:       1       20

podi mole Sunday, 22 January 2023 06:55 AM

අප්පට සිරි. නංගි පොඩ්ඩ 63 වුණාට 16 කෙල්ලෙක් වගේනේ. අපේ 63 වෙනකොට.

:       1       8

W.H.White Sunday, 22 January 2023 11:39 AM

ලොකු කළකිරීමක් ඇති වෙනවා මේ මිනිස්සුන්ගේ බොහොම ප්‍රාථමික අදහස් දුටුවාම... මේ වැනි අදහස් උපදින්නේ අදාළ පුද්ගලයින්ගේ අත්දැකීම්, උගත්කම, විචාර බුද්ධිය අනුවයි. මොකද මිනිස්සු දක්වන අදහස් ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම්වල පිළිබිඹුවක් නිසයි. ඉතින් රටේ තියෙන සමාජය පරිහාණියට පත්වුණු දූෂිත විසකුරු සමාජයක් කියලා වැටහෙන විට ලොකු දුකක් ඇති වෙනවා.

:       1       7

kapuraala Sunday, 22 January 2023 01:18 PM

‘‘මෝහිනී‘‘ දැන් ඉතින් මොන තොවිලේ නැටුවත් එළවගන්නවා බොරු...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site