IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගුවන් අනතුර: විශේෂ විමර්ශනයක් ඇරැඹේ

නේපාලයේ ‘යෙටී’ ගුවන් සේවය අයත් ගුවන් යානය කඩා වැටී, යානයේ සිටි හැත්තෑ දෙදෙනා මියයෑම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල් නියෝග කර තිබේ.

නේපාලය පමණක් නොව, මුළු ලොවම කැලැඹීමට සමත් වුණු එම අනතුර හේතුවෙන් අද (16) දිනය විශේෂ ශෝක දිනයක් ලෙස නම් කිරීමට ද අග්‍රාමාත්‍යවරුයා පියවර ගෙන තිබුණි.

කඩා වැටුණේ නේපාලයේ අභ්‍යන්තර ගුවන් යානයකි. යානය කත්මණ්ඩු සිට පොක්කාරා බලා පියාසර කරන්න විය. එය කඩා වැටුණේ පොක්කාරා නගරයේ අලුතින් ඉදිකළ ගුවන්තොටුපොළට කිලෝ මීටරයක් තිබියදීය. යානය කඩා වැටුණේ ගංගාවක් අසල වනගත ප්‍රදේශයකටය.

යානයේ සිටි හැත්තෑ දෙදෙනාගෙන් 15 දෙනකු විදේශිකයන් බවත්, එම 15 දෙනාගෙන් පස් දෙනකු ඉන්දියානුවන් බවත් නේපාල පුවත් සේවා වාර්තා කර තිබේ.

කඩා වැටුණේ ද්විත්ව ඇන්ජිමක් ඇති ‘ඒ.ටී.ආර්.72’ ගුවන් යානයයි. මෙය වසර 15 ක් පැරැණි නේපාල අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. යානය කඩා වැටී මියගිය පිරිස අතර පොඩි දරුවන් 6 දෙනෙක් වෙති.

ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය අය වෙනුවෙන් සිය කනගාටුව පළ කර තිබේ. ගුවන් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. දිවි ගලවා ගැනීමේ නිලධාරීන් 3,000 යානය කඩා වැටුණු ස්ථානයට ගොස් සෝදිසි කළ නමුත්, ඔවුන්ට දිවි ගලවා ගත් කිසිවකු හමුවූයේ නැතැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ගුවන් අනතුර: විශේෂ විමර්ශනයක් ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 348 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1633 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site