
පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීහු, පාකිස්තානයේ පෙෂවෝර් නුවර පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. පොලිස් ස්ථානාධිපතිවරයා ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.
ආයුධවලින් සන්නද්ධ තලේබාන් ත්‍රස්තවාදීන් සය දෙනකු ප්‍රහාරයට පැමිණි බව පැවැසෙයි. පෙෂවෝර් පළාතේ ත්‍රස්ත ක්‍රියා බහුලව සිදුවෙයි. ප්‍රහාරය එල්ල වූයේ සර්බාන්ද් පොලිස් ස්ථානයටය. මෙය පිහිටා ඇත්තේ කයිබර් ගෝත්‍රික ප්‍රදේශයේය.
පාකිස්තානයේ ක්‍රියාත්මක වන්නේ 'තරීක් ඊ තලේබාන්' ත්‍රස්ත කල්ලියයි. මොවුන් ප්‍රහාරයේ වගකීම බාරගත් බව ද වාර්තා වේ. ප්‍රහාරයෙන් පසු පලාගිය ත්‍රස්තවාදීන් සොයා මෛහයුම් ආරම්භ කළ බව පාකිස්තාන පොලිසිය වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd