රජු වෙනුවෙන් කිරුළ වෙනස් කෙරෙනවා තෙවැනි චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන්, දෙවැනි එලිසබත් මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇතැයි බකිංහැම් මාළිගාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුවය. 04 December 2022
ධුරයෙන් ඉවත් වෙන්නැයි ජනපතිට බලපෑම් වහා ධුරයෙන් ඉවත් වන්නැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට බලපෑම් එල්ල වෙයි. කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවත් තමන් ධුරයෙන් ඉවත් නොවන බව රැම්පෝසා අවධාරණය කර තිබේ. 04 December 2022
දැන්ම පුටින් හමුවීමක් නෑ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට කැමැත්තෙන් සිටිනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවත්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් මේ මොහොතේ පුටින් හමුවීමට සූදානම් නැති බවය. 03 December 2022
පේලේගේ තත්ත්වය යහපත් අතට ස්වසන පද්ධතියේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල් ගත කළ බ්‍රසීල පාපන්දු සුපුරි තරුව පේලේගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 December 2022
ඇෆ්ගන් පකිස්තාන තානාපති මරන්න හදලා ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන තානාපති රෙහ්මාන් නිසාමානී ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි. 03 December 2022
චීනයේ සෞඛ්‍ය නීති ලිහිල් කරයි දැඩි ජනතා අප්‍රසාදය සහ විරෝධය සැලකිල්ලට ගනිමින්, ’කොවිඩ් 19’ මර්දනයට පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීති සහ සීමා ඉවත් කිරීමට චීන රජයට සිදුවී තිබේ. 03 December 2022
ප්‍රංශ ජනපති මැක්රොන් ඇමෙරිකාවේ සංචාරයක නිල සංචාරයක් අරඹමින් ඇමෙරිකාවට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බි්රජෙත් ත්රොග්නෝව්ට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 02 December 2022
පුටින් හමුවන්න බයිඩන් කැමැතියි රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සැබැවින්ම කැමැති නම්, පුටින් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 02 December 2022
ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරට ඉන්දියාවට සාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය මෙම දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාවට හිමිවී ඇත. 02 December 2022
උතුරු කොරියාවට සම්බාධක පැනැවෙයි ජපානය, දකුණු කොරියාව සහ ඇමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් කළේය. ඒ උතුරු කොරියාව පසුගිය දිනවල දිගින් දිගටම කළ මිසයිල අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමිනි. 02 December 2022
ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි. 01 December 2022
ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි. 01 December 2022
කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක් ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි. 01 December 2022
අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. 01 December 2022
සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොමු වී තිබේ. 30 November 2022
චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන් මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි. 30 November 2022
චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. චීනය පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි. ගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂයට ගියේ ‘ටියැංගොන්’ නමැති එම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහාය. 30 November 2022
චීන විරෝධතාවලට කැනඩා රජයේ සහාය චීන රජයේ දලදඬු සෞඛ්‍ය නීති සහ සීමාවලට එරෙහිව සාමකාමී අයුරින් විරෝධතා පවත්වන චීන විරෝධතාකරුවන්ට තමන්ගේ පූර්ණ සහාය හිමිවන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි. 30 November 2022
යුක්රේනයට ප්‍රංශයෙන් රොකට් පද්ධති විවිධ මාදිලියේ දිගු දුර රොකට් පද්ධති ප්‍රංශ රජයෙන් තමන්ට ලැබී ඇතැයි යුක්රේනය පවසයි. මෙම රොකට් පද්ධති යුක්රේනයට ලැබී ඇත්තේ රුසියානු ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමය. 30 November 2022
අතුරුදන් ජැක් මා හමුවෙලා අලි බාබා සමාගමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික ජැක් මා, මාස 6 ක් තිස්සේ ජපානයේ ටෝකියෝ අගනුවර ජීවත් වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. 30 November 2022
අලුත් නාමය ‘එම්.පොක්ස්’ මින් ඉදිරියට ‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කර ඇත. 29 November 2022
සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි. 29 November 2022
මැදිහත් වෙන්න වතිකානය කැමැත්තෙන් රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව වතිකානය පවසා තිබේ. 28 November 2022
ලොව ලොකුම ගිනි කන්ද පිපිරෙයි ලොව ලොකුම ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන්නේ හවායි හි පිහිටි මොවුන් ලෝවා Mauna Loa ගිනි කන්දය. 28 November 2022
මුල අමතක කළැයි රෂ්මිකාට චෝදනා රෂ්මිකා මන්දනා කණ්ණඩ සිනමාව අමතක කර ඇතැයි කණ්ණඩ සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනකු මෙන්ම කණ්ණඩ සිනමා ලෝලීන් ද චෝදනා කරයි. 28 November 2022
චීන රජයේ ’කොවිඩ්’ නීතිවලට ජනතාවගෙන් විරෝධතා චීන රජයේ දරදඬු ’කොවිඩ්’ නීතිරීති එසේත් නැතිනම් සෞඛ්‍ය සීමාවලට එරෙහිව එරට නගර රැසක විරෝධතා ආරම්භ වී ඇත. 28 November 2022
විදුලි කුළුණේ පැටලුන ගුවන් කුරුල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (27) පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. 28 November 2022
යුක්රේනයට දෙන ආධාර වැඩි කරනවා බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ලබා දෙන ආධාර දගටම ලබා දීමටත්, ඒවා ක්රමාණුකූලව වැඩි කිරීමටත් තමන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ. 28 November 2022
ඉතාලියේ ඉස්කියා දූපතේ නායයෑමට හතක් බිලිවෙති දකුණුදිග ඉතාලියට අයත්, ඉස්කියා දූපතේ සිදුවුණු නායයෑමකට හත් දෙනෙක් බිලිවූහ. අලුත උපන් බිලිඳකු සහ කුඩා දරුවන් දෙදෙනකු එම හත් දෙනා අතර සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ. 28 November 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026