බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා මේ බව වාර්තා කර ඇත්තේ, හැරී කුමරුන්ගේ ‘ස්පෙයාර්’ ස්වයං චරිතාපදානය හරහාය. ‘ස්පෙයාර්’ චරිතාපදානය ලබන 10 වැනිදා එළිදැක්වීමට නියමිත නමුත්, මාධ්‍ය එහි අන්තර්ගතයේ ඇති අතිශය පෞද්ගලික බොහෝ කරුණු කාරණා මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
තම වැඩිමල් සොහොයුරු විලියම් කුමරු, බහින්බස්වීමක් අතරතුරේ තමන්ට බිම වැටෙන්න පහර දුන් බවත්, බහින්බස්වීම සිදුවූයේ තම බිරිඳ මෙගාන් මාකෙල් නිසා බවත් හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.
38 හැවිරිදි සකෙස්ක් ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන හැරී කුමරු බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවකු ලෙස ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණේ 2007-2008 කාලයේත් පසුව 2012 සහ 2013 කාලයේත්ය.
ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස හැරී කුමරු මෙහෙයුම් 6 කට සම්බන්ධ වී ඇත.
හමුදා සොල්දුදුවකු ලෙස තමන් කළ කිසිවකු ගැන තමන් පසු තැවෙන්නේ හෝ ආඩම්බර වන්නේ හෝ නැතැයි ද හැරී කුමරු ‘ස්පෙයාර්’ චරිතාපදානය හරහා පවසා තිබේ. හැරි කුමරු වසර 10 ක් බ්‍රිතාන්‍ය හමුදා සේවයේ සිටියේය.
මේ අතර තමන් තරුණ කාලයේ කොකේන්වලට යොමු වී සිටි බවත්, ඒ ගැන තමන් පසුතැවෙන බවත් හැරී කුමරු පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා
සේදිරිස් Friday, 06 January 2023 07:34 AM
දැන් බලමු අර අපේ හමුදාව අහිංසක කොටි මරන්න ඇත්තේ අරගලේට ගැහුව වගේය, උන් මානව හිමිකම් කැඩුවය කියලා මේකේ කවි ගී ලියපු හිපාටුවො මේකට මොකද කියන්නේ කියල.
මැක්ස් Friday, 06 January 2023 10:49 AM
හොඳ වෙලාවට හැරී කුමරැ ලංකා හමුදාවේ සේවය නොකළෙ. නැත්තං මෙහෙ ඉන් ඇන්ජීඕ නඩේ, ජවිපෙ, සජබ, යූඇන්පී, ටීඇන්ඒ, මුකො ආදී කී නොකි උන්දැලා ගෙන් බේරෙන්න ද!
SL Friday, 06 January 2023 12:02 PM
බය වෙන්න දෙයක් නැහැ .ඔහු ඇෆ්ගනිස්ථානයේ සොල්දාදුවෙක්, ඔහු ගොවියෙක් නෙවෙයි. කරුණාකරලා ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් කරන්න එපා
ganegoda Saturday, 07 January 2023 02:41 PM
මෙයාගේ ආච්චි අපේ රට අල්ලගෙන හිටපු කාලේ අපේ රටේ මනුස්සයින්ම මැරුවද??? මේක මෙයාලගේ ජන්ම පුරුද්දක්.
Bamunuarachchi Sunday, 08 January 2023 09:59 AM
නියමයි මගේ සුබ පැතුම්. පසු තැවෙන්න එපා ආඩම්බර වෙන්න.. අපේ හිටපු හමුදාපති වගේ තමන්ගේ හමුදාව පාවා දෙන්න එපා.