IMG-LOGO

අල් කයිඩා ත්‍රස්තවාදීන් නිහඬයි

නායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන් බුද්ධි අංශ කියයි.

ඇමෙරිකන්, බුද්ධි අංශ සහ හමුදාව එක් වී, ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයකින්, අයිමාන් අල් සවාහිරී ඝාතනය කළේ සවාහිරී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර නිවසක සිටිද්දීය.

ඩ්‍රෝන යානා යොදා ගනිමින් මිසයිල ප්‍රහාර යවා අයිමාන් අල් සවාහිරී ඝාතනය සිදුවූයේ පසුගිය ජූනි මාසයේය.

අයිමාන් අල් සවාහිරී ඝාතනය කළ බව ඇමෙරිකාව තහවුරු කළේ ඝාතනය සිදුවී පැය 48 ක් ගතවෙද්දීය. කෙසේ නමුත් අල් සවාහිරී කාබුල් නිවසක සිටි බව ඇෆ්ගන් තලේබාන් පාලකයන් තහවුරු කළේ නැත.

අල් කයිඩා සංවිධානය ද අල් සවාහිරී ඝාතනය සම්බන්ධයෙන් එම අවස්ථාවේ සිට මේ දක්වා නිහඬව සිටී.

අල් සවාහිරී වෙනුවට නව නායයකු පත් කර ගැනීමක් ද සිදු කර නැත. අල් කයිඩා ත්‍රස්තයන් මෙසේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද ඇමෙරිකන් බුද්ධි අංශ වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

අල් කයිඩා ත්‍රස්තවාදීන් නිහඬයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 632 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 765 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 326 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site