නායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන් බුද්ධි අංශ කියයි.
ඇමෙරිකන්, බුද්ධි අංශ සහ හමුදාව එක් වී, ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයකින්, අයිමාන් අල් සවාහිරී ඝාතනය කළේ සවාහිරී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර නිවසක සිටිද්දීය.
ඩ්‍රෝන යානා යොදා ගනිමින් මිසයිල ප්‍රහාර යවා අයිමාන් අල් සවාහිරී ඝාතනය සිදුවූයේ පසුගිය ජූනි මාසයේය.
අයිමාන් අල් සවාහිරී ඝාතනය කළ බව ඇමෙරිකාව තහවුරු කළේ ඝාතනය සිදුවී පැය 48 ක් ගතවෙද්දීය. කෙසේ නමුත් අල් සවාහිරී කාබුල් නිවසක සිටි බව ඇෆ්ගන් තලේබාන් පාලකයන් තහවුරු කළේ නැත.
අල් කයිඩා සංවිධානය ද අල් සවාහිරී ඝාතනය සම්බන්ධයෙන් එම අවස්ථාවේ සිට මේ දක්වා නිහඬව සිටී.
අල් සවාහිරී වෙනුවට නව නායයකු පත් කර ගැනීමක් ද සිදු කර නැත. අල් කයිඩා ත්‍රස්තයන් මෙසේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද ඇමෙරිකන් බුද්ධි අංශ වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd