රටේ පැතිරෙන ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමඟ එක් වී නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසීය. ඒ, 2023 නව අවුරුදු උදාවත් සමඟ චීන වැසියන් අමතමිනි.
චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ එරටින් දෛනිකව ‘කොවිඩ් 19’ මරණ 9,000 බැගින් වාර්තා වෙද්දීය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය චීන සෞඛ්‍ය අංශවලින් ඉල්ලා ඇත්තේ දෛනික හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ දෛනික ‘කොවිඩ් 19’ මරණ තමන්ට නොසඟවා දැනුම් දෙන ලෙසය.
‘කොවිඩ් 19’ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ පනවා තිබුණු සීමා මේ වනවිට ලිහිල් කර තිබේ. ඒ, චීන වැසියන්ගෙන් එම සීමා සම්බබ්ධයෙන් එල්ල වුණු දැඩි විරෝධය හේතුවෙනි.
චීනයේ ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ‘කොවිඩ් 19’ නව උප ප්‍රභේද කීපයක් එරට පැතිර යන නිසා යැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කොරෝනා පරද්දන්න නව වැඩපිළිවෙළක්