IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජෙරමි රීනර්ට අකරතැබ්බක්

හොලිවුඩ් නළු ජෙරමි රීනර් අනතුරකින් බරපතල තුවාල ලැබුවේය. රීනර් සිය නිවස ඉදිරිපිට හිම තට්ටු ඉවත් කරමින් සිටිද්දී, හිම තට්ටු ඉවත් කිරීමේ ස්නෝව් කැට් යන්ත්‍රයට යටවී තිබේ. එම අවස්ථාවේදී රීනර් සිට ඇත්තේ තනිවම බව ද පැවැසෙයි.

රීනර්ගේ එක් පාදයක් යන්ත්‍රයට හසුවී තුවාල වී ලේ ගලන්න වූ බව ඩේලිමේල් වෙබ් අඩවිය පළ කළ වාර්තාවක දැක්වෙයි. ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රීනර් රෝහලට ඇතුළත් කළ බවත්, පාදයට හොඳටම තුවාල වී ඇති බවත් පැවැසෙයි.

රීනර්ගේ තත්ත්වය බරපතල වුවත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

නිවස ඉදිරියේ හිම ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ, ඒ බව සිය රසික රසිකාවියන්ට දැනුම් දෙමින් රීනර් සමාජ මාධ්‍ය හරහා පෝස්ටුවක් ද පළ කළේය.

51 හැවිරිදි රීනර්, 'ද හාට් ලොකර්', 'ටවුන්' ආදී හොලිවුඩ් සිනමා නිර්මාණ හරහා රසික හදවත් දිනා ගත්තේය.

ඔහු ලොව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වුයේ මාවල් ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ 'හෝක් අයි'ගේ චරිතය නිරූපණය කිරීමෙනි.

ජෙරමි රීනර්ගේ නවතම රූපවාහිනී කතා මාලාව වන්නේ 'මේයර් ඔෆ් කිංග්ස්ටවුන්' ය. මෙය මේ වනවිට විකාශනය ආරම්භ කර තිබේ.

(ඩේලිමේල්)



අදහස් (0)

ජෙරමි රීනර්ට අකරතැබ්බක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 418 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2188 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site