
රාමසාන් උත්සව සමයත් සමග පාකිස්තානය තුළ ආහාර අදාළව අර්බුදයක් මතුවිය හැකි යැයි බියක් හටගෙන තිබේ.
ඒ, එරට ගිතෙල් සහ ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල්වර්ගවල හිඟයක් ඇතිවෙමින් තිබෙන බවට කරුණු අනාවරණයවීමත් සමඟය.
රට තුළ පවතින ඩොලර් අර්බුදය ඊට ප්රඅධාන හේතුව වී ඇත. පවතින තත්ත්වය පාලනය කර කඩිනම් විසදුම් ගෙන ඒමට රජය අපොහොසත් වුවහොත් වෙළෙඳපොලේ පවතින ආහාර පිසීමට ගන්නා තෙල්වල මිල ඉහළ යනු ඇති බවද විදෙස් මාධ්යන සඳහන් කර තිබේ.
ආනයනික භාණ්ඩ නිෂ්කාසනය සඳහා ණයවර ලිපි සහ අනෙකුත් ලියකියවිලි විවෘත කිරීමට වාණිජ බැංකු අපොහොසත්වීම හමුවේ මෙම අර්බුදය මතුවෙමින් ඇති බව ද විදෙස් මාධ්ය වාර්තා පෙන්වා දී තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd